කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ
කූට ලෙස සැකසූ නේවාසික වීසා බලපත්‍ර රැගෙන ප්‍රංශය බලා පිටත්වීමට සූදානමින් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි වව්නියාවේ පදිංචි 21 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණියක් ගුවන්තොටුපල දේශසීමා ආවේශන නිලධාරීන් විසින් ඊයේ සවස (20) අත් අඩංගුවට ගත්තේය.
මෙම තරුණිය QR 664 දරන කටාර් එයාවේස් ගුවන් යානයෙන් දොහා වෙත ගොස් එතැනින් ප්‍රංශය බලා පිටත් වීමට සැලසුම් කර තිබේ.
ප්‍රවේශපත්‍ර කවුළුවේ දී ඇය පිළිබඳ මූලික සැකය ඇතිකරගත් ගුවන්තොටුපල නිලධාරීන් ඇයව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශ සීමා ආවේශන අංශයේ නිලධාරීන් වෙත යොමු කර ඇත.
එහිදී ඔවුන් කරන ලද මූලික විශ්ලේෂණවලින් මෙම ලේඛණ ව්‍යාජ ඒවා බව තහවුරු වීමත් සමග ඇයව කටුනායක ගුවන්තොටුපල පොලිසියේ වෙත භාර දී තිබේ. මේ වනවිට ඇය පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් අදාල ප්‍රශ්න කිරීම් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.