හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව සචින් නිවස තුළ නිරෝධායනය වෙමින් සිටින බවත් පවුලේ වෙනත් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බවත් සචින් නිවේදනය කළේ යැයි එම මාධ්‍ය වාර්තා දක්වයි.
ගතවූ පැය 24ක කාලය තුළදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 62,258ක් වාර්තා වී තිබේ.