කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද (05) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.
ඒ සඳහා අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් මඩකලපුව ඔට්ටමාවඩි කෝරලේපත්තුව ප්‍රදේශයේ තෝරාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට තහවුරු කළේය.
එම ඉඩමේ භූමදානය සඳහා වලවල් හැරීමේ කටයුතු ද අරඹා ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්. අමීර් අලි මාධ්‍යය වෙත පවසා තිබිනි. එම භූමිය ගංවතුර හා දැඩිව වර්ෂා කාලවලදී මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය සඳහාම වෙන්කර තිබූ ස්ථානයක් බව ඔහු තවදුරටත් පවසා තිබිනි.
කොළඹ අධිකරණ වෛද්‍ය අධිකාරී කාර්යාලය සහ වැලිකන්ද මුලික රෝහලේ සිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව මෙසේ මුලින්ම භූමදානය කිරීමට කටයුතු යොදා තිබේ.
කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහාවන මාර්ගෝපදේශ මාලාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.