නතාෂා නෙත්මිණි –
- එක් ආයතනයක කොවිඩ් ආසාදිතයන් 27 දෙනෙකුගේ තොරතුරු හැංගූ නිසා ආශ්‍රිතයන් සොයාගන්න බැි වුණා..
රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෛද්‍ය ආයතන බොහෝමයක් කොවිඩ් වසංගතයේ නිවැරදි තොරතුරු වසංකිරීම හේතුවෙන් කොවිඩ් මර්ධන රාජකාරියේ යෙදෙන තමුන් දැඩි අපහසුතාවන්ට ලක්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට රෝහල් කීපයක ආසාදිතයින් වාර්තා වී ඇති නමුත් ඔවුන් පිළිබඳව සොයා බැලීමට හෝ ඔවුන්ගේ ආසාදිතයින්ව නිරෝධායනය කිරීමට නොහැකි වී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ කීවේය.
විශේෂයෙන්ම කොවිඩ් වෛරසය ආසාදනය වීම ඔවුන් දරන තනතුරුවලට මදිකමක් යැයි සිතීමට මෙම වෛද්‍ය ආයතනයන් හි උසස් නිලධාරීන් කල්පනා කිරීම පුදුමයට කරුණක් යැයි ද හෙතෙම පැවසීය.
මෙම එක් ආයතනයක් තුළ පසුගිය දිනවල කරන ලද පී.සී.ආර් පරික්ෂණ වලදී සේවකයන් 27 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හෙලි වු නමුත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා යෑමට එම ආයතනය ඉඩ ලබා නොදුන් බවද සභාපතිවරයා අවධාරණය කළේය.
මෙවැනි අභියෝගයන් හමුවේ කොවිඩ් මර්දනය සඳහා ගෙනයන වැඩ පිළිවෙළ මුලුමනින්ම බිඳවැටෙනු ඇතැයිද ඔහු පැවසීය.