දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව නිසා සහ වැව්වලින් පිටාර ගලන ජලය නිසා කිළිනොච්චියේ ගම්මාන පහක් ඊයේ ( 6 ) රාත්‍රීය වන විට ජලයෙන් යට වී ඇතැයි කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.වේලමලිකිතාන් පැවසීය.
කිළිනොච්චියේ ආනන්දපුරම් භාරතීපුරම් උමයාල්පුරම් කරච්චි වට්ටකච්චි හා උරෙයියාල්පුරම් යන ගම්මාන මේ අන්දමට ජලයෙන් යට වී තිබේ.
මෙම ගම්මාන පහට මායිම්ව පිහිටි කනකම්බිකෙයිකුලම් වැව පිටාර ගැලීම හා එහි ස්ථාන කීපයකින් ජලය කාන්දු වී පහත් බිම් වලට ගලායාම නිසා ගම්මාන යට වී ඇත. ඒ හේතුවෙන් විපතට පත් පවුල් 679 ක් ගම්මානවලින් ඉවත් වී පළාතේ පාසල් ගොඩනැගිලි හා කෝවිල් වලට පැමිණි බවද කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.
මේ අතර බුරවි සුළි සුළඟින් හා අධික වර්ෂාවෙන් විපතට පත්ව උතුරේ සුබ සාධන මධ්‍යස්ථාන වල සිටින වැසියන්ට පිසූ ආහාර පාර්සල් ලබා දීමේ වැඩ පිළිවෙළක් යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.
රජයෙන් මේ පිරිසට පිසූ ආහාර සපයන අතරතුර ඉතා දුර බැහැර ප්‍රදේශවල සුබ සාධන මධ්‍යස්ථානවල රඳවා සිටින වැසියන්ට යුද හමුදාව විසින් මේ අන්දමට ආහාර සැපයීම ආරම්භ කොට තිබේ.
යාපනය මුලතිව් හා කිළිනොච්චි යන පළාත් වල සුබ සාධන මධ්‍යස්ථාන වල රඳවා සිටින වැසියන්ට මේ අන්දමට යුද හමුදාවෙන් පිසූ ආහාර පාර්සල් ලබා දීම සිදු වෙයි.