කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව අද (07) උදෑසන කෙවිඩ් ආසාදිතයන් 36 දෙනෙක් වාර්තා වූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
වැඩිම මුස්ලිම් ජන ඝනත්වයක් සහිත තිහාරියෙන් 21 දෙනෙක්, වතුපිටිවල ආයෝජන කලාපයේ ක්‍රිස්ටල් මාටින් ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් අසාදිතයන් 12 දෙනෙක්, රන්පොකුණුගමින් 03 දෙනෙක් ලෙස මෙසේ වාර්තා වී ඇත.
ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථා වෙත යොමු කර ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස් තුළ නිරෝධායනය කිරීමට කටයුතු කරමින් සිටින බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.