මාවනැල්ල හිඟුලේ වරක් අන්තවාදී පිරිසක් විසින් හානි කරන ලද බුදු පිළිම වහන්සේ තැන්පත් කොට ඇති කුටියේ ඉදිරිපස වීදුරුව ඊයේ රාත්රියේ යම් පුද්ගලයකු විසින් කඩා දමා ඇති අතර එම ස්ථානයේ මල් අසුනේ ඇති මල් පෝච්චියක් භාවිත කරමින් එම වීදුරුවට හානි කොට ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය අංශ ගණනාවක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ද මෙම ස්ථානය පරීක්ෂා කිරීමට යෙදවූ බව වාර්තා වෙයි. එම ස්ථානයට මේ වනවිට ආරක්ෂාවක් යොදවා ඇති අතර මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
මේ වනවිට මෙම හානි වූ වීදුරුව ඉවත් කොට අලුත් වීදුරුවක් සවි කිරීමටද පියවර ගෙන තිබේ.