කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් හි දූපතක් මේ වනවිට තෝරා ගනු ලැබ ඇති බවත් ඒ පිළිබඳව ඊයේ අවසන් තීරණයකට එලඹුණු අතර අද වනවිට සියලු පාර්ශ්වලට දැනුම් දෙනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද පැවසීය.
කාබිනට් තීරණ දැනුම් දීමේ මාද්‍ය හමුවට සහභාගී වූ අමාත්‍යවරයා මෙම භූමදානය කිරීම විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය අංශවලට දී තිබෙන උපදෙස්වලට අනුගත වෙමින් සිදු කිරීමට නියමිත බවත් මෘත දේහ ප්‍රවාහනය ඇතුළු අදාළ කටයුතු සම්පූර්ණයෙන් රජයේ වියදමින් සිදු කරන බව පැවසීය.