කීර්ති ප්‍රනාන්දු
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී රාජ්‍ය අමාත්‍ය වමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, විසින් මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට තමන්වහන්සේට ලබා දුන් පොරොන්දුව හිතා මතාම කඩ කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පලකරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.
මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරාගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තමන්වහන්සේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ දක්වා ඇත.
මුතුරාජවෙල ජාතික වනෝද්‍යානය වන ජීවි සංරක්ෂණ කලාපයක් ලෙස නම් කරන ලෙස ද උන්වහන්සේ අදාල අංශවලට යෝජනා කරති.