සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. අටාල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙක්, රාජගිරය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.
ඒ අනුව ලංකාව තුළ මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 493ක් විය.
එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතයන් 338ක් වාර්තා වූයේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 80733 ක් වූයේය.