ශ්‍රියානි විජේසිංහ –
ෆයිසර් එන්නත් මිලියන 6ක ප්‍රමාණය අද (31) දිනයෙන් පසුව භාවිතයෙන් ඉවත් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි
මෙසේ භාවිතයෙන් ඉවත් කරන එන්නත් තොගය පරිසර හිතකාමී ලෙස විනාශ කිරීම සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව අද දිනයෙන් පසුව තීරණය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.
කොවිඩ් රෝගයට ඉහළ අවදානමක් පවතින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් මීලියන 2.7ක් සිටියද ඔවුන්ගෙන් 4වන වර්ධක මාත්‍රාව ලබාගෙන ඇත්තේ ලක්ෂ 2ක පමණ පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
මාස ගණනාවක සිට ජනතාව දැනුවත් කළද එහි සතුටුදායක ප්‍ර තිඵලයක් ලඟාකර ගැනීමට නොහැකි වූ බවත් ඉන් අනිසි ප්‍රතිපල භුක්තිවිදීමට සිදුවන්නේ ජනතාවටම බවත් විශේෂඥවරයා පෙන්වාදේ.







