සතිපතා ලීටර් 10 ඉන්ධන කෝටාව සඳහා බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සඳහා ප්‍රවාහන හා බලශක්ති අමාත්‍යාංශ විසින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා නව ඉන්ධන කෝටාව ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රී රෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.
පහත වෙබ් අඩවිය ඔස්සේ අදාල ලියාපදිංචිය ලබා ගත හැකිය.