සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට නොගෙව්වොත් දින 06ක් මුහුදේ තිබුණු ගල් අඟුරු නැව් දෙකක් ආපසු හැරවෙයි… 

නොරොච්චෝලේ කොට උඩ ගොස් ගොඩගත නොහැකි ලෙස රට අඳුරේ ගිලෙන ලකුණු!

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට  අවශ්‍ය ගල් අඟුරු  මෙට්‍රික් ටොන් 120,000ක සමුච්චිත ධාරිතාවකින් යුත් ගල් අඟුරු නැව් දෙකක්  සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 34ක් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් එම ගල් අඟුරු තොග නොලැබීමේ යෑමේ බරතපතල අවදානමකට මුහුණ දී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

පසුගිය 12 වැනිදා සිට  නොරොච්චෝලේ වෙරළට ඔබ්බෙන්  මෙම ගල් අඟුරු තොග සහිත නැව් දෙක නැංගුරම් ලා ඇති බවත් හෙට වනවිට එම ගෙවීම් කරගත නොහැකි වුවහොත් නැව්  ගල් අඟුරු තොගත් රැගෙන එම නැව් නැවත යාත්‍රා කරන බවත් සමාගම් ලංකා රජයට දන්වා තිබේ.  ඒ අනුව ගල් අඟුරුත් අහිමි වී විශාල දඩයකට යටත්ව ප්‍රමාද දින හයක ප්‍රමාද ගාස්තුවකට යටත් වීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇත..

“කොන්ත්‍රාත්තුවේ නියමයන්ට අනුව, නැව්ගත කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීමෙන් 80% ක් මුදා හැරිය යුතුයි. මෙම ගෙවීම මෙතෙක් සිදු කර නැහැ. මෝසම් සුළං ආරම්භ වීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ සියලුම ගොඩබෑමේ කටයුතු අප්‍රේල්  අවසන් සතිය වන විට අවසන් කළ යුතුයි. ඒ වගේම  2022 සැප්තැම්බර් මාසයේ සිට මීළඟ ගොඩබෑමේ වාරය දක්වා  යළි  ගොඩබෑම කළ නොහැකියි.“   සංගමය    පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට අනුව  දැනට පවතින ගල් අඟුරු  තොග ප්‍රමාණවත් වන්නේ 2022 සැප්තැම්බර් මැද දක්වා පමණි.  මෙම ගල්අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත්  ඉදිරි ගල් අඟුරු ගොඩබෑමේ වාරය ආරම්භ වන තෙක්  පවතින ගල් අඟුරු තොග කළමනාකරණය කර  ගැනීම   සඳහා ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ක ඒකකයක් අවම වශයෙන් දින 25 කට වසා දැමීමට ලංවිමට සිදුවනු ඇති බව ඉංජිනේරු සංගමය කියයි.

මෙම තත්වය  ජනන ධාරිතාවට දැඩි ලෙස බලපානු ඇති බවත්,  එම නිසා දැනට පවතින විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම නොවැළැක්විය හැකි බවත්  එම සංගමය  පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව කැබිනට් මණ්ඩලයේ කොටසක් දිවුරුම් දීම හෙට 10.30ට ජනාධිපති මන්දිරයේ දී…

Next Post

ගෝල්ෆේස් තරුණයෝ ජනාධිපති ලේකම් කාර්යාල “ගෝටා ගෝ හෝම්“ ලියූ විරෝධතා පුවරුවක් කරති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.