ගෝල්ෆේස් අරගලකාර තරුණයෝ විශිෂ්ට නිර්මාණශීලී තාක්ෂණික භාවිතයන් යොදා ගනිමින් මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ගොඩනැගිල්ල විරෝධතා පුවරුවක් කරගත්හ.
ප්‍රක්ෂේපිත ආලෝක කදම්භ යොදා ගනිමින් “ගෝටා ගෝ හෝම්“ පාටය පමණක් නොව, දැන් ඇති, රාජපක්ෂ පාලනය සංකේතවත් කරන සාටකය ආලෝක කදම්භ යොදා මගින් ජනාධිපති කාර්යාලය පසුබිමෙහි රූපණය කළහ. ඒ ලංකාවේ පළමුවෙනි වතාවට projector mapping භාවිතයට ගනිමිනි.

මේ නිර්මාණශීලී විරෝධය එකපැහැර විචිත්‍ර ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අලෝක ගන්වමින් සිදුවූයේ දුටුවන් විශ්මයෙන් මෙන්ම අරගලයේ ආශ්වාදයෙන් පුරවාලමිනි.
මෙම ප්‍රක්ෂේපණ වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ කාර්බෝඩ් පුවරු රැගෙන පැමිණියහ. තරුණයින් ප්‍රකාශ කළේ ඔවුන් මේ ගොල්ෆේස් බිමට පැමිණ සිටින්නේ ඔබේත් දරුවන් සහ සොහොයුරන් වෙනුවෙන් බවය.
ඔවුනුත් මේ බිමේ අප අතර සිටිය හැකි බව ද ඔවුහු මතක් කර දුන්හ.

මේ කෙටි කාලයක් තුළ ඇඳී ගිය ඉතිහාසයේ නොදුටු විරූ විරෝධතාවයේ ප්‍රකාශනය. එම ප්‍රකාශනය ඡායාරූප ශිල්පි තිලිණ කළුතොටගේ සිය කාචයේ සටහන් කරගෙන අන්තර්ජාලයට මුදා හැර තිබිනි. මෙම ඡායාරූප අන්තර්ජාලයෙනි.







