හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ හිටපු විපක්ෂ නායක හැර හිටපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ ප්‍රභූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සහ අධිකරණ නියෝග මත ආරක්ෂාව ලබාදී ඇති හිටපු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාව නොවෙනස්ව පවතින බවද අදාළ නිවේදනයෙහි දැක්වෙයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මෙම අවස්ථාවලට අයත් නොවන, මින්පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය.







