මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා විසින් හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ගත යුතු තීරණය පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට පස් වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී උක්ත සාකච්ඡාව පැවැත්වෙන බව වැඩ බලන පොලිසිපති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළ බව නිවුස් ෆස්ට් වාර්තා කළේය.
ඊයේ දළදා වැඳ පුදාගෙන පැමිණ මාධ්‍ය ඇමතූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ පොලිස් නිලධාරීන්‌ගේ හිඟයක් පවතින බවය.
එම හිඟයට පිළිතුරක් ලෙස මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් අවශ්‍යතාවය අනුව මහජන සේවය නිසි ආකාරව යෙදවිමටත් අපරාධ වැලැක්වීම සඳහා යෙදවීමටත් කටයුතු කරන බව හෙතෙම පැවසුවේය.







