හික්කඩුව වෑවලපිටිය වෙළෙඳසලක් අසලදී අද උදේ (30) පුද්ගලයෙක් තියුණු ආයුධවලින් කොටා ඝාතනය කර තිබේ.

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිය වෑවල ඩැනී ෂොප් නැමැති වෙළෙඳසල අසල සිටියදී උදේ 11.40ට පමණ කළු පැහැති වාහනයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම අඹුසැමි යුවලට තියුණු ආයුධ ප්රහාරයක් එල්ල කර තිබේ.
එහිදී බරපතල තුවාල ලද සැමියා ආරච්චි කන්ද රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මිය ගොස් ඇත. බිරිඳ බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ ඝාතනය වී ඇත්තේ ඇලතොටවත්ත නාරිගම පදිංචි ප්රසන්න කුමාර කළුපගේ නැමැත්තෙකි.
පුද්ගලික ආරවුලක් මත මෙම මිනී මැරුම සිදුවී ඇතැයි සැක පහළ කරන බව පොලිසිය පවසයි.
හික්කඩුව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.







