පාකිස්ථානයට යෑමට සැලසුම් කළ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එය කල් දැමීමට තීරණය කර ඇති අතර ‘ඉන්දියාවේ සංවේදීතාවය’ සැලකිල්ලට ගෙන මෙවන් තීරණයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍යය පෙන්වා දෙයි.
නොවැම්බර් 21 වැනිදා බාලි හි පැවති ජී 20 සමුළුවට සහභාගී වී සියොල් නුවරට ගොස් ආපසු එන අතරතුරදී පාකිස්ථානයට යෑමට කුමරු සැලසුම් කරගෙන සිටියේය. ඔහුගේ සැලසුම්වලට අනුව නොවැම්බර් 14 වැනිදා බාලි හා සියොල්වලට ගොස් අනතුරුව ඉන්දියාවට ද, ආපසු එන අතරුර පාකිස්ථානයට යෑමට ද වෙන වෙනම සංචාර සූදානම් කරගෙන තිබිණි.
එහෙත් කාලවේලාවේ ගැටලුවක් නිසා ඉන්දියාවේ සංචාරය කිරීමට නොහැකිව එය යළිත් සැලසුම් කිරීමට සිදුව ඇති පසුබිමක යන අතරතුරේදී පාකිස්ථානයට පමණක් ගියහොත් එය ඉන්දියාවේ සිත් රිදවීමට හේතු වෙනු ඇතැයි සිතා පාකිස්ථාන සංචාරය ද කල් දැමීමට ඔහු තීරණය කර තිබේ. මීට අමතරව ඉස්ලාමාබාද් හි සංචාරය ද කුමරු විසින් කල් දමා ඇත.