වෛද්‍ය පරිපාලන ව්‍යූහය අවිධිමත් ලෙස වෙනස් කිරීමට කිසියම් වෘත්තිය සමිතියක් විසින් කරනු ලබන උත්සාහයක් පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන විද්‍යායතනය අනාවරණය කර තිබේ.
සෞඛ්‍ය පද්ධතිය අවුල් කිරීම සදහා එක්තරා වෘත්තීය සමිතියක් ගෙන යන අවිධිමත් ක්‍රියාචලිය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම විද්‍යායතනය පෙන්වා දී ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් ය.
“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජ ලේබලයක් යටතේ, කිසියම් වෘත්තිය සමිතියක් වත්මන් වෛද්‍ය පරිපාලන ව්‍යුහය සංශෝධනය කිරීමට දරන උත්සාහයක් අපි නිරීක්ෂණය කළෙමු.
ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් වෛද්‍ය පරිපාලකවරුන්ගේ වෘත්තීය විද්‍යාතනය ලෙස අපි මෙම අක්‍රමවත් ක්‍රියාකාරකම් පිළිබඳව අපගේ දැඩි විරෝධය ප්‍රකාශ
කිරීමට කැමැත්නෙමු. සෞඛ්‍ය පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම් එම ක්‍රියාවලිය නිසි බලධරයා වන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවිය යුතුය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක, සංවර්ධිත රටවල් හා සැසඳිය හැකිය. මෙම තත්ත්වය ළඟා කරගැනීමට ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය ඉමහත් දායකන්වයක් ලබාදී ඇත. මෙම අද්විතීය ලාංකේය සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් අවම පිරිවැයක් යටතේ ඉහල ඵලදයිතාවක් ගෙන දීමට නිපුණ වෛද්‍ය පරිපාලන කළමනාකරුවන්ගෙන් ඉමහත් දායකත්වයක් ලැබුණි.
මෙම ක්‍රියාවලිය ලොව පුරා ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම සාර්ථකත්වයන් සදහා වෛද්‍ය පරිපාලන ව්‍යුහයේ දායකත්වය සුවිශේෂ වේ.
වෛද්‍ය පරිපාලන ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍රමය පිළිබඳ ඉතා පුළුල් අධ්‍යයනයකින් පසුවය. 1952 දී ඕස්ට්‍රේලියාවේ විශ්‍රාමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්. එල්. ජේ. කම්ස්ටන් මහතා විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පිලිබදව පුර්ණ අධ්‍යනයකින් පසුව වත්මන් සෞඛ්‍ය සේවා පද්ධතිය නිර්මාණය කර ක්ෂේත්‍රය පිළබද අවබෝධයක් ඇති වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය පරිපාලන සේවය හඳුන්වා දෙන ලදී.
සෞඛ්‍ය අවශ්‍යතා සහ රටේ ව්‍යවස්ථාමය වෙනස්කම් අනුව මෙම ක්‍රමය කලින්‌කලට සංශෝධනය විය. විශේෂඥ මතය ලබා ගනිමින් සෞඛ්‍ය පද්ධතිය සංශෝධනය කිරීම / ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සෑමවිටම පෙරමුණ ගෙන ඇත. සෑම උත්සාහයකදීම අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස්වලට ගරු කරන ලදී.
විධිමත් ක්‍රියා පටිපාටිවලින් බැහැරව වෛද්‍ය පරිපාලන ව්‍යුහයට තාවකාලික වෙනස්කම් ගෙන ඒම මෙරට මෙම සුවිශේෂී අඩු වියදම් සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇති බව අපගේ දැඩි විශ්වාසයයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට අවශ්‍ය නම් අරමුණු සහගත ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය යටතේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රමාණවත් දායකත්වයක් ඇතිව ඒවා සිදු කළ යුතු බව වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අනන්‍ය වූ චෘත්නීය විද්‍යායතනය ලෙස අපි අවධාරණය කරමු.
එබැවින් මෙම සෞඛ්‍ය පද්ධතිය අවුල් කිරීම සදහා එක්තරා වෘත්තීය සමිතියක් ගෙන යන අවිධිමත් ක්‍රියාචලිය තරයේ ප්‍රතික්ෂේප කරමු.” යැයි ද එම නිවේදනයේ සඳහන් ය.







