සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය පද්ධතිය අවුල්‌ කරන්න වෘත්තිය සමිතියක උත්සහයක්

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය පරිපාලන ව්‍යූහය අවිධිමත් ලෙස වෙනස්‌ කිරීමට කිසියම් වෘත්තිය සමිතියක් විසින් කරනු ලබන උත්සාහයක්‌ පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන විද්‍යායතනය අනාවරණය කර තිබේ.

සෞඛ්‍ය පද්ධතිය අවුල්‌ කිරීම සදහා එක්තරා වෘත්තීය සමිතියක්‌ ගෙන යන අවිධිමත්‌ ක්‍රියාචලිය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම විද්‍යායතනය පෙන්වා දී ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් ය.

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජ ලේබලයක්‌ යටතේ, කිසියම්‌ වෘත්තිය සමිතියක්‌ වත්මන්‌ වෛද්‍ය පරිපාලන ව්‍යුහය සංශෝධනය කිරීමට දරන උත්සාහයක්‌ අපි නිරීක්ෂණය කළෙමු.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රථමයෙන්‌ සහ ප්‍රධාන වශයෙන්‌ වෛද්‍ය පරිපාලකවරුන්ගේ වෘත්තීය විද්‍යාතනය ලෙස අපි මෙම අක්‍රමවත්‌ ක්‍රියාකාරකම්‌ පිළිබඳව අපගේ දැඩි විරෝධය ප්‍රකාශ
කිරීමට කැමැත්නෙමු. සෞඛ්‍ය පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම්‌ එම ක්‍රියාවලිය නිසි බලධරයා වන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්‌ මෙහෙයවිය යුතුය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක, සංවර්ධිත රටවල්‌ හා සැසඳිය හැකිය. මෙම තත්ත්වය ළඟා කරගැනීමට ශක්තිමත්‌ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉමහත්‌ දායකන්වයක්‌ ලබාදී ඇත. මෙම අද්විතීය ලාංකේය සෞඛ්‍ය සේවා පද්ධතිය මගින්‌ අවම පිරිවැයක්‌ යටතේ ඉහල ඵලදයිතාවක්‌ ගෙන දීමට නිපුණ වෛද්‍ය පරිපාලන කළමනාකරුවන්ගෙන්‌ ඉමහත් දායකත්වයක්‌ ලැබුණි.

මෙම ක්‍රියාවලිය ලොව පුරා ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම සාර්ථකත්වයන්‌ සදහා වෛද්‍ය පරිපාලන ව්‍යුහයේ දායකත්වය සුවිශේෂ වේ.

වෛද්‍ය පරිපාලන ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍රමය පිළිබඳ ඉතා පුළුල්‌ අධ්‍යයනයකින්‌ පසුවය. 1952 දී ඕස්ට්‍රේලියාවේ විශ්‍රාමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ වෛද්‍ය එච්‌. එල්‌. ජේ. කම්ස්ටන්‌ මහතා විසින්‌ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පිලිබදව පුර්ණ අධ්‍යනයකින්‌ පසුව වත්මන්‌ සෞඛ්‍ය සේවා පද්ධතිය නිර්මාණය කර ක්ෂේත්‍රය පිළබද අවබෝධයක්‌ ඇති වෛද්‍යවරුන්ගෙන්‌ සමන්විත වෛද්‍ය පරිපාලන සේවය හඳුන්වා දෙන ලදී.

සෞඛ්‍ය අවශ්‍යතා සහ රටේ ව්‍යවස්ථාමය වෙනස්කම්‌ අනුව මෙම ක්‍රමය කලින්‌කලට සංශෝධනය විය. විශේෂඥ මතය ලබා ගනිමින්‌ සෞඛ්‍ය පද්ධතිය සංශෝධනය කිරීම / ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සෑමවිටම පෙරමුණ ගෙන ඇත. සෑම උත්සාහයකදීම අනෙකුත්‌ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස්වලට ගරු කරන ලදී.

විධිමත් ක්‍රියා පටිපාටිවලින්‌ බැහැරව වෛද්‍ය පරිපාලන ව්‍යුහයට තාවකාලික වෙනස්කම්‌ ගෙන ඒම මෙරට මෙම සුවිශේෂී අඩු වියදම්‌ සෞඛ්‍ය සේවා සැපයුම්‌ පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇති බව අපගේ දැඩි විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට අවශ්‍ය නම්‌ අරමුණු සහගත ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය යටතේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රමාණවත්‌ දායකත්වයක්‌ ඇතිව ඒවා සිදු කළ යුතු බව වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අනන්‍ය වූ චෘත්නීය විද්‍යායතනය ලෙස අපි අවධාරණය කරමු.

එබැවින්‌ මෙම සෞඛ්‍ය පද්ධතිය අවුල්‌ කිරීම සදහා එක්තරා වෘත්තීය සමිතියක්‌ ගෙන යන අවිධිමත්‌ ක්‍රියාචලිය තරයේ ප්‍රතික්ෂේප කරමු.” යැයි ද එම නිවේදනය‍ේ සඳහන් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාන්නාරම් දූපත්වල ඛණිජ වැලි හෑරීම මාර්තුවේ සිට… ඔස්ට්‍රේලියානු සමාගමක් වැඩ අරඹයි…

Next Post

රාගම වෛද්‍ය පීඨ ප්‍රහාරයට   මැරයන්  පැමිණ ඇත්තේ රාජ්‍ය ඇමති අරුන්දිකගේ අමාත්‍යාංශයෙන්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.