සීනි ගනුදෙණුවක් සඳහා රුපියල් කෝටි තුනහමාරක අල්ලසක් ලබා ගැනීම, ආයතනය සතු මිල අධික තඹ යකඩ ලෙස විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම සඳහා වූ ගනුදෙනුව, මුං ඇට මිලදි ගැනීම ඇතුළු අල්ලස් හා දූෂණ ගණනාවක් හඬපටියකින් හෙළිදරව් වීම නිසා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් සේවය අත්හිටවූ සතොස සභාපති වෙනුර ගුණවර්ධන සහ සතොස ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල්ල ඇමතිවරයාට අභියෝග කරමින් අද සතොස ආයතනයට පැමිණ සිය තනතුරුවල රාජකාරි අරඹා ඇත.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙක් වූ නීතිඥ වෙනුර ගුණවර්ධන පවසා ඇත්තේ තමන් ඉවත් කිරීමට බන්දුල කවුද කියාය.
මේ වනවිට සතොස උප සභාපති සහ සභාපතිවරයා අතර දැඩි මතභේදකාරී තත්වයක් ඇති වී තිබෙන බවත් සතොස උණුසුම් වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
සභාපති වෙනුර ගුණවර්ධන සතොස සේවක පිරිසකට තිත්ත කතාවෙන් බැණ වදිමින් සිටින අයුරු ද වාර්තා වේ.
දැනට සතොසට සීනි ලබා ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර සැපයුම ලබා ගැනීම සඳහා පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් ලබා දුන් කෝටි තුනහමාරක අල්ලසක් සහ වෙනත් දූෂිත ගනුදෙණු රාශියක් ගැන කියැවෙන හඬ පටයක් නිකුත් වීම හේතුවෙන් සතොස සභාපති නීතිඥ වෙනුර ගුණවර්ධන සහ ප්‍රවාහන කළමණාකරු ඉන්දික රත්නමල්ල සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පසුගිය දා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන නියෝග කළේය.
අද උදෑසන සභාපතිවරයරයා සහ ප්‍රවාහන කළමනාකාරවරයා මෙසේ වෙළෙඳ ඇමතිගේ නියෝගයට අභියෝග කරමින් සිය රාජකාරි කරමින් හිඳී.

වැඩිදුර කියවන්න….







