අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හොඳටම කළ සතොස සභාපති හෙළි කරන රටේ ඇත්ත….

by editor
පෙබරවාරි 12, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

සතොස සභාපති වෙනුර ගුණවර්ධනය. ඔහු නීතිඥයෙකි.  හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි.   කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. වෙනුර ගුණවර්ධන සභාපතිකමට පත් කළේ ජනාධිපතිය.

සතොසේ සිදුවූ නින්දාසහගත හොරකම් ජාලයක ප්‍රධාන චූදිතයා වෙමින්  බඩුත් සමග හසුවී සිටින මේ තැනැත්තාගේ සේවය දැන් අත්හිටුවා තිබේ. ඒ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මතය .

සිද්ධිය කරලියට එන්නේ  සතොස ආයතනයේ සිදු වූ බව කියන කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක්  හා ඒ සම්බන්ධව බැඳුණු  වංචා ජාලයක් පිළිබඳව හෙළිදරවුවන හඬ පටයකිනි.

හඬපටය

මෙම හඬ පටයෙන් මූලිකවම කියවෙන්නේ  කෝටි තුනහමාරක මුදල් ගනුදෙණුවක් ගැනය. එම කෝටි තුනහමාර  ව්‍යාපාරිකයෙක් විසින්  ලබා දී ඇත්තේ    සතොස  දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එම සැපයුම තමන් වෙත  ලබාගැනීම වෙනුවෙනි.   අල්ලස ලබා දී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හඬපටය අනුව මෙම ගනු දෙනුවලට අතරමැදියා බව හෙළි වන්නේ ප්‍රවාහන අංශයේ කළමණාකරු ය. ඔහු   ඉන්දික රත්නමල්ලය.  මෙම කෝටි තුනහමාරක මුදල ව්‍යාපාරිකයා විසින් ලබා දී තිබුණේ ඉන්දික රත්නමල්ලටය.  පසුගිය දෙසැම්බර් මාසයේ සිට මෙම පුද්ගලයා සේවයට වාර්තා    නොකිරීම නිසා  මුදල් ලබාදුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇති වී ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයාව ඒ  සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

හඬපටයේ ඇත්තේ  එහිදි තම ගෝලයා වූ ඉන්දික රත්නමල්ල  බේරා ගැනීම සඳහා සභාපති වෙනුර ගුණවර්ධන පුරා පැය දෙකකට ආසන්න කාලයක්  අල්ලස ලබා දුන්  ව්‍යාපාරිකයා සමග කරන සාකච්ඡාවකි.

එම දීර්ඝ හඬ පටය තවත් බොහෝ දේ හෙළි කළේය.  ඒ අනුව රුපියල් කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුව සතොස සභාපති වෙනුර ගුණවර්ධන    සෘජුව හා වක්‍රව සම්බන්ධ ගනුදෙනුවලින් එකක් පමණි.  ඒ ගනුදෙණු ගැන ඇසෙනවිට ඇඟ කිළිපොළා යන්නේය.

වෙනත් ගනුදෙණු

ආයතනය සතු මිල අධික තඹ   යකඩ කියා විකිණීම එක ජවාරමකි.  පැරණි වාහන විකිණීම තවත් එකකි.  ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම සඳහා වූ ගනුදෙනුව අනෙකකි.  මීට අමරතව,  මුං ඇට මිලදි ගැනීම, සීනි මිලදී ගැනීම  ඇතුලු  ගනුදෙණු රැසක් ඒ හඬපටය තුළින් පමණක් හෙළිවන්නේය. මුන් සතොසේ වැලිකැටයේ සිට කොල්ල කෑ ආකාරයේ අමු හෙළුව දැන් රට ඉදිරියේ ප්‍රදර්ශනය වී ඇත. සභාපති වෙනුර ගුණවර්ධන සහ ඔහුගේ ගෝලයා ඉන්දික රත්නමල්ල සිදුකළ වංචා රැස සම්බන්ධව සජීවීම සාධකය දැන් ආණ්ඩුව අතේය. අවශ්‍ය විධිමත් පරීක්ෂණයකි.

දැන් සභාපති වෙනුර ගුණවර්ධනගේ සහ ප්‍රවාහන කළමනාකාර ඉන්දික රත්නමල්ලගේ වැඩ තහනම් කර ඇත.

එළියට පැමිණි  සීනි ගනුදෙණුව ගැන  පමණක් නොව 2019 සිට 2021 දක්වා වූ  වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද, ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද ලේකම්වරියට උපදෙස් දුන් බවද ඊයේ (11) අමාත්‍යවරයා මාධ්‍යයට පවසා තිබිණි.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ද පරීක්ෂණ සිදු කරනු ඇතැයි පැවසේ.

හඬපටය එළියට එන හැටි

වාර්තාවන ආකාරයට මේ හඬ පට එළියට දමා ඇත්තේත් දූෂිතයෙකි. ඔහු ගංජා ලඟ තබාගෙන අසුවී     වැඩ තහනමට ලක් වී සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි.  ඔහු සතුව තවත් හඬ පට ඇති බවත් ඒවා එකින් එක් එළි කිරීමට සූදානම් බවත් සතොස ආරංචි මාර්ග පවසයි. මේ බලපෑම් හමුවේ ඔහුගේ අභිලාෂය යළිත් සේවය ලබා ගැනීම බවත් වාර්තා වේ.

අපට වැටහෙන්නේ මේ එළි දැක ඇත්තේ  නින්දාසහගත දූෂණ මාලාවක එක්  පුරුකක් පමණි. ඒ ජාලය ක්‍රියාත්මකය. එක් හොරෙකුට  කෙළවෙන විට ඒ හොරා තවත් හොරෙක් ගැන හෙළි කරන්නේය.  හරියට කුඩු ජාවාරම් කාරයින් වගේය.  තමන්ගේ කුඩු ටික  ප්‍රමෝට් කර ගැනීමට අනෙක් ජාවාරම් කාරයින්ගේ කුඩු ගැන ඔත්තු දෙනු මෙනි.

අවබෝධ කරගත යුත්තේ සතොස යනු මේ රටේ ගනුදෙනු කරන රාජ්‍ය මැදිහත්වීමක් සහිත ආයතනවල සිල්ලර කඩයක් තරම් පොඩි එකක් බවය.  එහි මේ විලිලජ්ජා නැති ගේම ගසා හෙළි දරව් වන්නේ රටේ ජනාධිපතිවරයා විසින් පත්කළ පුද්ගලයා ය. සතොස සිල්ලර කඩයෙන් ගහන ගැහිල්ල මෙසේ නම් මේ රටේ සුපර් මාර්කට් බඳු රාජ්‍ය ආයතනවල තත්වය ගැන හිතන්නට මේ සිදුවීම අපට බල කරන්නේය.

එක් අතකට මේ අප දන්නා ඇත්තකි.  රට දූෂිතය.   ඒ දූෂණයේ සැබෑ ස්වරූපය සතොසින් සාධක ඇතිව හෙළි වී තිබේ. එපමණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනවසරයෙන් විදුලිය ගන්නට ගිය දෙදෙනෙක් විදුලි සැර වැදී මරුට…

Next Post

විපක්ෂ පක්ෂ සියල්ල දොර වසාගෙන කළ සාකච්ඡාවෙන් පසු ආණ්ඩුවට යෝජනාවක් !

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.