කීර්ති ප්‍රනාන්දු –
අනවසරෙන් මැණික් පතල් කැපීම සඳහා විදුලි බලය ලබා ගැනීමට ගිය තරුණයන් දෙදෙනකු ඊයේ (11 ) රාත්‍රියේ විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම තරුණයන් දෙදෙනා පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ හොර රහසේ සිදු කළ මැණික් පතලක් සඳහා විදුලි බලය ලබා ගැනීමට ගොස් ඇත. එහිදී ඔවුන් දෙදෙනා සවි කරමින් තිබූ විදුලි රැහැනකින් දුලි සැර වැදීමෙන් එම වෙල් යායේ වැටී සිටියදී පැල්මඩුල්ල පොලීසියට ලද දැනුම්දීමකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබේ.
පොලිසිය හා අවට සිටි පිරිස් එක්ව ඔවුන් දෙදෙනාව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ගෙන තිබූ බවත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.
මෙසේ විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත්තේ 28 සහ 38 වයස ඇති බටලන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු බවද පොලිසිය කියයි.
පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මියගිය අය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද 12 දින පවත්වන බව පොලීසිය කියයි.







