දිනසේන රතුගමගේ –
බුරවි සුළි සුළගත් සමග අතුරුදහන් වී සිටි යාපනයේ ධීවරයාගේ මළ සිරුර 3 දා රාත්‍රී යාපනයේ පොන්නාලේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මුහුදු නොයන ලෙස අවවාද කොට තිබියදී යාපනයේ සුළිපුරම් පෙරියපුලෝවෙයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තුන් දෙනෙකු සුළි සුළං පැමිණෙමින් තිබියදී එක් බෝට්ටුවකින් මුහුදු ගොස් තිබුණි.
ස්වල්ප වේලාවකදී බෝට්ටුව අනතුරට පත්වීමත් සමගම ධීවරයින් දෙදෙනෙකු පණ බේරා ගන්නා ලද නමුත් සෙල්වරාසා සෙල්වතුරෙයි නැමති 37 හැවිරිදි ධීවරයා අතුරුදහන් වී තිබුණි.
ඔහුගේ මළ සිරුර පොන්නාලේ මුහුදු වෙරළට ගොඩ ගැසීමෙන් පසුව යාපනයේ කන්කසන්තුරේ පොලීසිය එම මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා රෝහල වෙත බාර දී තිබේ.







