දිනසේන රතුගමගේ –
මන්නාරම් දූපතේ ඉදිකිරීමට යන සුළං විදුලි බලාගාරවලටල සහ එම දූපත් ආශ්‍රිව ඛණිජ වැලි කැනීම් සදහා අවසරය ලබාදීමට එරෙහිව මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් දින 105 ක් තිස්සේ දියත් කොට තිබූ විරෝධතාවය ඊයේ (15 ) දා සවස අවසන් කොට තිබේ.
රජය තම ඉල්ලීම් වලට පැහැදිලි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම විරෝධතාවය අත්හරින බව විරෝධතාවය සංවිධානය කළ මන්නාරම පුරවැසි කමිටුවේ සභාපතිමාකස් අඩිගලාර් පියතුමා කියා සිටියේය.
පසුගිය සැප්තැම්බර් 27වැනිදා රාත්‍රියේ, සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කළ අතර එය වැලැක්වීමට යාමේදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්ද හට ගෙන තිබුණි.







