මනම්පිටිය නිමල් ජයරත්න
යාපනය මූලස්ථානය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් කෙනෙක් ඊයේ ( 15 ) රාත්‍රී යේ හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි,
සැකකාර පොලිස් කොස්තාපල් 2025 ජනවාරි 8 වෙනිදා නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරී වාර්තා නොකිරීම හේතුවෙන් අප්‍රේල් 21 වෙනිදා සේවය අතහැර යාමේ නියෝග නියුත් නිකුත් කළ අයෙකුද වේ.
වයස අවුරුදු විසිපහක් පමණ වයස ඔහු ගල්තලාව දේවගල, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ බවද පොලිසිය කියයි.
පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පතද ඔහු සතුව තිබී සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ගල්තලාව අරලගංවිල ලිපිනයේ පදිංචිව, ඔහු සමග සිටි අවුරුදු 25 ක් වයසැති තවත් සැකකරුවෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වැලිකන්ද පොලිසිය පවසයි.
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







