සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලුම නීති උල්ලංඝනය කර E-8 වීසා හරහා හිටපු කම්කරු ඇමති මනුෂ කරන්න හැදූ මිනිස් ජාවාරම ගැන බියුරෝ සභාපති හෙළි දරව්වක….

by editor
නොවැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ දරුවන් 108 දෙනෙක් සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් ඇති කර එය සමාජ විරෝධතාවයක් බවට පරිවර්තනය කරන්නට හදන කොරියානු රැකියා සම්බන්ධ E-8 වීසා ඛාණ්ඩය නිකුත් කිරීම පසුපස මිනිස් ජාවාරම දක්වා තල්ලු වන බරපතල අනිතික කාරණා රැසක්  ඇති බවත් හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාරගේ මැදිහත්වීමෙන් සැලසුම්වන  මේ අනීතික ජාවාරම සම්බන්ධව අපරාධ විමර්ශන කොට්ඨාසටය අද (25) පැමිණිල්ලක් කරන බවත්   විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ  පැවසුවේය.

දැනට පෙනී යන අකාරයට මෙම විදේශ E-8 වීසා කරලියට රැගෙන විත් විදේශ ඇමති මනුෂ නානායක්කාර අයථා ලාභයක් උපයා ගන්නට සැලසුම් කර  ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි කී සභාපතිවරයා  ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුවෙමින් තිබෙන බව අනාවරණය කළේය.

දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ රටක් තවත් රටක් වෙත විදේශ රැකියා සදහා ශ්‍රමිකයෙක් යැවීමේ දී රාජ්‍ය දෙක අතර බල පවත්වන සියලුම නීති බිඳ හෙළමින් කම්කරු ඇමති මනුෂ නානායක්කාර විසින් කළ මේ නීතී විරෝධී රැකියා ගනුදෙනුව සම්බන්ධව නීතිය ක්‍රියාත්ම කරන්නට උත්සාහ කරන විට එය රජයට විරෝධයක් ලෙස යළි මතු කිරීමට දේශපාලන මෙහෙයවීමක්   සිදුවන ආකාරය නිරීක්ෂණය වන බවය.

ඔහු මෙසේ ද කීවේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

රැකියා ප්‍රවර්ධනය තමයි අපේ මූලික අරමුණ. නමුත් අපි එහෙම කිව්වට නීත්‍යානුකූලව ශ්‍රී ලාංකිකයෙක් විදේශගත කරන්නෙ කොහොමද කියලා අපේ ඇක්ට් එකේ ප්‍රතිපාදන තියනවා.

දකුණු කොරියාවට අපට ශ්‍රමිකයින් යවන්න EPS කියන ප්‍රධාන ධාරාවක් තියනවා. ඒ වගේම E 7 කියන කාණ්ඩය අපි ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ලබා දුන්නා. මේ දෙකම කරගෙන යනවා. නමුත් මේ E8 කියන එකේ බලපෑම මොකක්ද කියලා රජයක් විදිහට අධ්‍යයනය කරන්න ඕන. එහෙම අධ්‍යයනයකින් තොරව යම් කිසි අනීතික භාවිතයක් තුළ තමයි මේ වීසා ලබාගෙන තියෙන්නේ.

හිටපු කම්කරු ඇමතිගේ ගිවිසුම කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්නෙත් නෑ…

පැහැදිලි කරන්න ඕන මේතනදි රජයකට ජාත්‍යාන්තරව ශ්‍රමිකයෙක් පිටත් කිරීමේ දී නිසි ක්‍රමවේදයක් තියනවා. ඉතිහාසයට ගියොත් ජාත්‍යාන්තර ගිවිසුමක් හරහා රට යද්දි ගිවිසුම් සහගත වෙන්න ඕන ක්‍රමවේදයක් තියනවා. ඒ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා හිටපු කම්කරු ඇමතිතුමාගේ කම්කරු අමාත්‍යාංශ නිලධාරීන්ගේ පවා දැනුම්වත් භාවයකින් තොරව නීත්‍යානුකූල නොවන ගිවිසුමක් ඔහු විසින් අත්සන් කරලා තියනවා කියන කාරණාව තමයි තියෙන්නේ.

එතනදි ඒ ගිවිසුම සම්බන්ධව කිසිම ලියවිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නෑ. කම්කරු දෙපාර්තමේන්තුවේ ඒ අත්සන් කළ බව කියන අවබෝධතා ගිවිසුම නෑ. මේ වීසා ඛාණ්ඩය යටතේ ප්‍රාන්තයක් වෙනත් රටක ප්‍රාන්තයක් සමගයි ගිවිසුම්ගත වෙන්නේ කෙටි කාලීන රැකියා සඳහා. අපේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එවැනි අවස්ථාවක් ලබා ගන්න බෑ. ඒ වාතාවරණය තියෙද්දි ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර නොතිබෙද්දී, කැබිනට් පත්‍රිකාව අනුමත කළත් ඉන් පසු රාජ්‍යයන් හා ගිවිසුම්ගත වෙන්න නිත්‍යානුකූල පියවර ගණනක් තිබෙද්දි අප කිසිවෙක් නොදන්නා, ඇමතිවරයා විසින් ගිවිසුම්ගත වුනා කියන අවබෝධතා ගිවිසුමකට අනුව E8 ඛාණ්ඩයේ වීසා නිකුත් වෙනවා. එහෙම වීසා නිකුත් වෙනවා නම් එය සිදුවිය යුත්තේ රජය යටතේ. එහෙත් මේ වීසා නිකුත් කරන්නේ පුද්ගලික රැකියා ආයතනයක්.

ජාවාරම ගැන මුල්ම පැමිණිල්ල සෝල් නුවර තානාපති කාර්යාලයට…

අපි දන්න පරිදි හිටපු ඇමතිවරයා MOU එක කියන ලියැවිල්ල අත්සන් කරලා තියෙන්නේ අප්‍රේල් මාසයෙ. එම එම.ඕයූ එකේ කොපියක් විදේශ අමාත්‍යාශයේ කම්කරු අමාත්‍යාංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ නෑ. මැයි මාසයේ සෝල් නුවර ශ්‍රී ලංකා එම්බසියෙන් ලියුමක් ඇවිත් තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වනවිට E8 වීසා නමින් රැකියා සඳහා අනවසරයෙන් මුදල් එකතු කරනවා කියලා. ඒ ලිපිය සොල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එන්නේ පැමිණිල්ලක් ආකාරයට.

එතොකට බියුරෝ එක ලියුමක් දාලා තියනවා E8 වීසා සම්බන්ධව මුදල් එකතු කිරීමට හෝ රැකියා සැපයීමට කිසිම අවස්ථාවක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා නෑ. ඒ සම්බන්ධව දැනුම්වත් නෑ කියලා.

හිටපු ඇමතිතුමා මේ ලියවිල්ල අත්සන් කරලා ඉතා කෙටි කාලයකින් පුද්ගලික කණ්ඩායම්වලට මේ පණිවිඩය ගිහින් තියනවා. කොරියානු ශ්‍රමිකයින් පුහුණු කරන ආයතනයක් ලංකාවේ තියනවා. භාෂාව පුරුදු කරන ආයතනයක්. භාෂාව පුහුණු කරන්න ගෙන්වන ළමයින්ට තමයි මේ E8 වීසා ඛාණ්ඩාය ගැන දනුම්වත් කරලා පුද්ගලික ආයතන හරහා E8 වීසා නිකුත් කරලා තිබෙන්නේ.

E8 යටතේ කවුරුවත් කොරියා ගියෙ නෑ…

වීසා නිකුත් වෙලා තියනවා, හොරෙන් එම්යූ එක්ක අත්සන් කරලා තියනවා, කියන මතය එනකොට අපි ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරනවා වැරදි පාරෙන් පිටත් වෙන එක නවත්වන්න.

අප පැහැදිලිව කියන්නේ E8 කියන්නේ ජාවාරමක්. ඒ යටතේ කිසිම කෙනෙක් ලංකාවෙන් ගියෙ නෑ. යන්න හිටිය කණ්ඩායමක් නීත්‍යානුකූළ නොවන ආකාරයට යන්න ගිහින් අත් අඩංගුවට පත් වුනා. එහෙම අත් අඩංගුවට පත් වුන තරුණයින් 08ක් පමණ කම්ප්ලේන් කළා ඒ අයගෙන් පුද්ගලිකව මුදල් අරගත්තා කියලා ලක්ෂ 12ක්. ඒකට අපි නීත්‍යානුකව කටයුතු කරලා පුද්ගලයින් අත් අඩංගුවට අරන් රුපියල් මිලියන 7 ක් පමණ මුදලක් අයකරගෙන දීලා තියනවා.

වීසා 108ක් තමයි නිකුත් වෙලා තියෙන්නේ ගණන් හැදුවොත් ඒ වගේ පුද්ගලයින් දහ ගුණයක් විතර ඇවිත් පුද්ගලිකව මාව හම්බවෙලා මට බලපෑම් කරනවා. ඒ පසුපස හිටපු කම්කරු ඇමතිවරයාගේ කණ්ඩායම් ඉන්න බව අප නිරීක්ෂණය කළා. .

ඇමති මිනිස් ජාවාරමකට තල්ලු වුනේ ඇයි?

හියුමන් ට්‍රැෆිකිං දක්වා තල්ලුවන ක්‍රමවේදයකට ඇයි මේ ඇමතිවරයෙක් මැදිහත් වුනේ කියන කාරණය සම්බන්ධව බරපතල සැකයයක් මතුවෙනවා. ඇමතිවරයා අයථා ලාභයක් ලැබුවා කියලා සැකකරන්න පුලුවන් මේ වෙලාවේ.

පැහැදිලිවම කියනවා දැන් උද්ඝෝෂණය කරමින් ඉන්න දරුවන්ට. ඔතන හිටියට උත්තරයක් හම්බවෙන්නේ නෑ. ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් මාර්ගය නෙමෙයි ඕක. අනීතික කණ්ඩායම්වලට ගත්ත සල්ලිවලට අපි ඉස්සරහදී නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා. සල්ලි ගත්ත අයට ඒ සල්ලි දෙන්න වෙනවා ඒ ළමයින්ට. ඒ කණ්ඩායම් කරන පෙළඹවීම්වලට අහුවෙන්න එපා. සරලව කියන්නේ ඒකයි. අපි මේක නීතියානුකූල තැනකට ගේන්න අවශ්‍ය සාකච්ඡා මෙහෙයවනවා.

ඔබට කියන්න ඕන මේ කියන්නේ ආණ්ඩුව මේක නොසලකා හරිනවා කියන එක නොවෙයි. අපි දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නෑ. නීතියානුකූල නොවන හොර කණ්ඩායම් වීසා නිකුත් කරලා රටේ ළමයින්ව රට පටවලා සල්ලි හොයන එක නෙමෙයි අපි කරන්න ඕනේ. හරි මඟට අරන් රටේ මානව සම්පත දියුණු කරන්න පුළුවන් ක්‍රමයට සිදුකරන්න. අප එය කරනවා.

මේ වසර පුරාවට 285,000කට ආසන්න ප්‍රමාණයක් විදෙස්ගත කරලා තියෙනවා. අනික් අය යනවා නේ නීතියානුකූලව. මේ 100 මොකද්ද. මේ 100 කියන්නේ පොඩි කණ්ඩායමක්. මේ අයට යන්න දෙන එක ලොකු ගැටලුවකුත් නෙමෙයි. නමුත් අනීතිකව යවන්න එපා. අනතුරක් වුණා, රක්ෂණාවරණයක් නෑ, කොහොමටවත් කැබිනට් පේපර් එකක් නැතුව හොර පාරෙන් ගියපු වීසා එකකට රටේ නීතියට අනුගත කරන්න බෑ. කළ හැකි දේ නීත්‍යානුකූලව කරන්න අපි අලුතින් පටන් ගනිමු.” සභපාතිවරයා කීවේය.

එම සම්පූර්ණ වැඩසටහන පහත දැක්වේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දොස්තරලට අදාල නොකර ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ආවොත්  සියලුම වෘත්තිය සමිති එක්ක පාරට බහිනවා… විකිරණ වේදීන්ගේ සංගමය කියයි!

Next Post

මල්වතු මහා නා හිමි නව කතානායකවරයාට දුන් උපදේශය…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.