බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඩොලර් 5, 48,000ක් දඩ ගසයි …. 

by editor
අගෝස්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වකීය ගෘහ සේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගෙන, ඇයව පැයකට ඩොලර් ශත 75ක වැටුපකට වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වූ ද, වර්ෂ 2023 දී ජීනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස පත් කරනු ලැබුවා වූ ද හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් කර තිබේ.

අධිකරණය හිමාලි අරුණතිලකට නියෝග කර ඇත්තේ සිය ගෘහ සේවිකාවට නොගෙවූ වැටුප සහ පොලිය වශයෙන් ඩොලර් පන් ලක්ෂ හතලිස් තුන්දහසක මුදලක් වහාම ගෙවන ලෙසය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියානු කම්කරු නීතිය අනුව ඇයගේ ගෘහ සේවිකාවට නොගෙවූ වැටුප් සහ පොලී වශයෙන් ඩොලර් 543,000ක් ගෙවීමට නියෝග කර ඇති අතර රැකියා නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශාල දඩයකට දැන් මුහුණ දීමට සිදුවී තිබේ.

හිමාලි අරුණතිලක ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස…

වර්ෂ 2015 සිට 2018 දක්වා කැන්බරා හි සේවය කළ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වූ හිමාලි අරුණතිලක සිය සේවිකාව වන ප්‍රියංකා ධනරත්නට ඕස්ට්‍රේලියාවේ ගත කළ වසර තුනක කාලය ගෙවිය යුතු අවම වැටුප වංචා කර ඇති බව අධිකරණය විසින් තීන්දු කළේය.

මෙම නඩුව සම්බන්ධව කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් විනිසුරුවරියක වන එලිසබෙත් රේපර් ප්‍රකාශ කළේ අධිකරණයට වාර්තා වූ සාක්ෂි අනුව මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියගේ නිවසේ සේවය කළ ප්‍රියංකා  ධනරත්න නම් ගෘහ සේවිකාව සතියේ දින හතේම උදේ 6 සිට රාත්‍රී 10 දක්වා සේවයේ යොදවා ඇති බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඇයට වසර තුනටම නිවාඩු ලබා දී ඇත්තේ දින දෙකක් පමණක් බවත්, ඒ තෙල් තාච්චියකට ඇගේ අත පිලිස්සීම නිසා බවත් විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

මෙම වසර තුනක කාලය තුළ සේවයේය යෙදවූ ගෘහ සේවිකාවට ගෙවා ඇත්තේ ඩොලර් 11,200 ක් පමණක් බවත් එය පැයකට ඩොලර් ශත 75ක් බවත් අධිකරණයට වාර්තා වී තිබේ.

ගෘහසේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තයේ තබා ගත් මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය ඇයට කැන්බරා නිවසින් තනිව පිටතට යාමට අවසර ලබා දී නැති බව අධිකරණය පවසයි.

මේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය සම්බන්ධව නිසි ලෙස විමර්ශනය කිරීමට අපොහොසත් වූ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළ විනිසුරුවරිය පෙන්වා දී ඇත්තේ හිමාලි අරුණතිලකට සාපරාධී වරදකට වැරදිකරු කර තීන්දුවක් ලබා දීමට අමතරව, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමීපව සොයා බැලුවේ නම්, ඇයගේ ගෘහ සේවිකාවගේ රැකියා ජීවිතය මීට වඩා යහපත් වීමට තිබූ බවය.

මෙම නඩුව මෑත කාලීන උදාහරණ කිහිපයකින් එකක් බවත්, සේවක ශ්‍රමය සූරාකමින් ඇති රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් විදේශයන්හි දී එම රටවල රැකියා නීතිවලට අනුකූල වීමට අපොහොසත් වීම විශාල දඩුවම් වලට ලක්ව ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

වර්ෂ 2015 සහ 2016 අතර කාලයේ ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස නවදීප් සූරි සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදීමේ අපරාධයට වරදකරු වී ඇයට නොගෙවූ වැටුප සහ පොලිය ලෙස ඩොලර් 1, 89 000ක් ගෙවන ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩර්ල අධිකරණය නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ හිමාලි අරුණතිලක හෝ නවදීප් සූරි ඔවුන්ට එරෙහි දියත් කළ නීතිමය ක්‍රියාමාර්ග පිලි පැද්දාද යන්න පැහැදිලි නැති බවත්, මෙම අවස්ථා දෙකේදීම වින්දිතයන්ට අධිකරනය නියෝග කළ මුදලින් ශතයක්වත් ලැබෙන්නට ඇති දැයි නොදන්නා බවත්ය.

“විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිවාසවල සිටින ගෘහ සේවිකාවන් ඕස්ට්‍රේලියාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ හුදකලා වූ ශ්‍රමිකයන් අතර වෙනවා. 21 වැනි සියවසේ ඔස්ට්‍රේලියාවේ වසර තුනක් රැකියාවක සිරවී පැයකට ශත 75ක් උපයන කෙනෙක් ගැන සිතීම අපහසුය.

“මෙම තීරණය … මෙම කම්කරුවන්ට ඕස්ට්‍රේලියාවේ අයිතිවාසිකම් ඇති බවත්, තම සේවකයන් වහලුන් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පිටුපස සැඟවිය නොහැකි බවත් පැහැදිලිවම තහවුරු කරනවා..” මෙම සිද්ධිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් හිලාඩ් ජාත්‍යාන්තර මාධ්‍යයට පවසා තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තණමල්විල ජාතික පාසලේ දැරිය සමූහ දූෂණය… තවත් සිසුන් 04ක් අත් අඩංගුවට… අත් අඩංගුවට ගත් එක් සිසුවෙකුට වයස අවුරුදු 15 යි…

Next Post

පොහොට්ටුවෙන් රනිල් ට එක්වුන පොහොට්ටුවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.