සිය අන්තවාදී මතයට එකග නොවීම හේතුවෙන් කාතන්කුඩියේ අලියාර් හංදියේදී 2017 වසරේදී සාම්ප්රදායී මුස්ලිම්වරුන්ට පහරදීමෙන් පසු මඩකලපුවෙන් පළාගිය පාස්කු ප්රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ කණ්ඩායමේ 05 දෙනෙකුට මාස ගණනාවක්ම සැගව සිට ඇත්තේ කහටගස්දිගිලියේ බව ත්රස්ත විමර්ශන කොට්ඨාශය විසින් හෙළිකරගෙන තිබේ. කහටගස්දිගිලියේදී සහරාන් ඇතුළු කණ්ඩායමට රැකවරණය ලැබී ඇත්තේ කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු විසිනි. එම පුද්ගලයා සහරාන්ගේ ළගම අනුගාමිකයෙක් බව හෙළිවී තිබේ. 47 වැනි වියේ පසුවන ඊයේ පොලිස් ත්රස්ත ක්රියා මර්ධන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ කහටගස්දිගිලියේ සැගවී සිටි අය අතර සහරාන්ගේ සහෝදරයින් වන ෂයිනි සහ රිල්වාන්ද සිට ඇත. පාස්කු ප්රහාරයෙන් පසු දෙවැනි ප්රහාරයකට සූදානම්ව සිටි කණ්ඩායමට නියකත්වය දෙන්නට සූදානමින් සිටියේ රිල්වාන්ය. එහෙත් ආරක්ෂක අංශ විසින් ඔවුන් රැදී සිටි ස්ථානය හදුනා ගැනීම නිසා සයින්දුමරුදු නිවසකදී බෝම්බ පුපුරවාගෙන ඔවුන් සියළු දෙනාම සියදිවි හානිකරගත්තේය.
සහරාන්ටත් ඔහුගේ සහෝදරයන්ටත් වරෙන්තුවක් පවා නිකුත් වන්නේ අලියාර් ගැටුම සම්බන්ධයෙනි. නාලක සිල්වා ත්රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්රධානියාව සිටියදී සහරාන් අත්අඩංගුවට ගැනීමට නීතිමය උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේද අලියාර් සිද්ධිය මුල්කරගෙනය.