සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට වඩාත් සුදුසු හවුල්කරුවා ඉන්දියාවයි”- ඉන්දීය මහකොමසාරිස් ආයෝජන සැසියේදී කියයි

by Lanka Sara Editor
ජූනි 11, 2021
in පුවත්
india sri lanka
Share on FacebookShare on Twitter

භූගෝලීය ආසන්නතාවය, හුරු පුරුදු බව සහ දිගු කාලීන සම්බන්ධතා පිළිබඳව සැලකීමේදී ශ්‍රි ලංකාවට වඩාත්ම සුදුසු ඉන්දීය ව්‍යාපාර සහ කර්මාන්ත සමඟ සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම බව ශ්‍රි ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා පැවසීය. අන්තර්ජාල මාර්ගයෙන් පැවිති මෙවර ශ්‍රි ලංකා ආයෝජන සංසදය අමතමින් මේ බව සඳහන් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ද්විපාර්ශවික ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම තුළින් ආයෝජන විශ්වාසය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවෙනු ඇතැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් වෙළඳපොළ විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021 අතරතුර ඉන්දියාව වෙනුවෙන් ම වෙන් වූ අතත්‍ය (virtual) සැසියක් 2021 ජූනි මස 9 වන දින පැවැත්විණ. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ කලාපීය සහයෝගීතාවය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම විශේෂ සැසිය ඇමතූ අතර සාර්ථකව ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල නිරත HCL, IOCL (LIOC) සහ අශෝක් ලේලන්ඩ් යන ඉන්දීය සමාගම් තුනෙහි නියෝජිතයන්ගෙන් සහභාගීත්වය සහිත මණ්ඩල සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණ.
සැසිය ඇමතූ මහ කොමසාරිස් බාග්ලේ මහතා තිරසාර සහ වේගවත් සංවර්ධනයක් සහ පොදු සෞභාග්‍යයක් ළඟා කරගැනීමට 21 වන සියවස සඳහා ආර්ථික සහයෝගීතාවයක් වෙනුවෙන් ඉන්දියාව සූදානම් බව අවධාරණය කළේය. අනාගත ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගිතාවය වැඩි වශයෙන් වරාය, නාවික කටයුතු, සම්බන්ධකතාවය, කාර්ය සම්පාදනය (logistics), බලශක්තිය/පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය සහ ආගන්තුක සත්කාරය, ප්‍රවාහනය, දේපල වෙළඳාම, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍ර වෙත යොමු කළ හැකි බව එතුමා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය ආයෝජනයන්ගේ විස්තීරණ ස්වභාවය සහ පරිමාව ගෙනහැර දැක්වූ හෙතෙම පෞද්ගලික අංශයේ සහභාගීත්වයේ වැදගත්කම ද අවධාරණය කළේය.
තාරක බාලසූරිය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වැදගත් ඉන්දීය ආයෝජන පිළිබඳව අදහස් දැක්වූ අතර ඉන්දීය ආයෝජකයන් උනන්දුවක් දැක්විය හැකි ශ්‍රී ලංකාවේ විවිධ අංශ සහ ව්‍යාපෘතීන් පිළිබඳව අවධාරණය කළේය. රථවාහන කොටස්, ඇඟලුම් කර්මාන්තය, රෙදි පිළි උද්‍යාන, තොරතුරු තාක්ෂණය, ඖෂධ සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් පිළිබඳව එතුමා සඳහන් කළේය. විශේෂයෙන්ම වැක්සින් මෛත්‍රී වැඩසටහන යටතේ එන්නත් ලබා දීම ඇතුළු කොවිඩ්-19 වසංගතයට අදාළ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ඉන්දියාව ලබා දුන් සහයෝගයට එතුමා ස්තූතිය පළ කළේය. ඉන්දියාවේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිලූක කඳුරුගමුව මහතා සහ CCC හි උප සභාපති විෂ් ගෝවින්දසාමි මහතා ද මෙම සැසිය ඇමතූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහරාන්ලාට මාස ගණනාවක් රැකවරණය දුන් කහටගස්දිගිලියේ “පෝස්ට් මාස්ටර්“ අත්අඩංගුවට

Next Post

ඊයේ පමණක් මරණ 101… කොවිඩ් වෙනුවට කොවිඩ් මරණ කළමනාකරණය කර රටක් ආදාහනය කරන හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.