සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපිටියේ වී.අයි.පී. ගමකට රෑ 12ට හෝ එන්නත් දෙන්න නියෝගයක්….

by editor
ජූනි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මැල්ලවගෙදර පොල්හේන ගමේ සැලසුම් කළ එන්නත්කරණ වැඩසටහනක් අවශ්‍ය එන්නත් ප්‍රමාණය මදි වීම නිසා කල් යෑම පිළිබඳ කුපිත වූ සෞඛ්‍යය අමාත්‍යාංශය ඒ සම්බන්ධව වහාම පරීක්ෂණයක් පත්වා හේතු විමසීමටත් දිනයක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සියල්ලන්ගෙන්ම ඉතිරි වූ එන්නත් එකතු කර රාත්‍රියේ හෝ එම ගමට එන්නත් කිරීම් සිදුකර නිමා කිරීමටත් නියෝග කිරීම හේතුවෙන් ක්ෂේත්‍ර සෞඛ්‍ය අංශ දැඩි කළකිරීමකට පත් වී ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දේශපාලකයන් විවිධ බාධා එල්ලකරමින් ඇතත් පොදුවේ එන්නත්කරණ වැඩසහන් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය. ඒ අනුව ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව එන්නත් ලබා දෙන ග්‍රාමසේවක කොට්ඨාස සැලසුම් වේ. මේ වනවිට දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පමණක් තවමත් එකම එන්නතක්වත් ලබා දීමට නොහැකි වූ ග්‍රාමසේවක වසම් 47ක් තිබේ.

මේ සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම එන්නත් වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව මැල්ලවගෙදර පොල්හේන ගමටද එවැනි වැඩසටහනක් සැලසුම් වී තිබිණි.

එහෙත් ප්‍රමුඛතාවය අනුව එන්නත් ලබාදීමේ දී එම ගමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය නොතිබුණු නිසා එය තාවකාලිකව කල් ගොස් තිබිණි.

ගම් 47ක් සඳහා එකම එන්නතක්වත් ලබා දීමට නොහැකිව තිබූ වටපිටාවක මැල්ලවගෙදර පොල්හේනට එන්නත් නොදීම සම්බන්ධව කුපිත වූ සෞඛ්‍ය අමාත්‍යාංශය එසේ වීමට හේතු විමසා පරීක්ෂණයක් පැවැත්වීමට පෙරේදා 09දා උදෑසන වෛද්‍යවරුන් දෙදෙනෙක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එවා තිබිණි.

එහිදී පරීක්ෂණය කිරීම සඳහා පැමිණි පිරිස හමුවු ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා ඇත්තේ එන්නත්කරණ වැඩපිළිවෙළ සිදුවන්නේ ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය මත බවත්, තමන් මෙතෙක් කටයුතු කර ඇත්තේ දේශපාලනයට හෝ වෙනත් බලවතුන්ගේ ලියමන්වලට නොවන නිසා කැමති දෙයක් කළ හැකි බවත්, එකම එන්නතක් ලබා නුදුන් ගම් 47ක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිබෙද්දී පොල්හේනට එන්නත් ලබා නුදුන්නේ මන්දැයි පරීක්ෂණ කිරීමට කොළඹ සිට පැමිණීමට හේතුව කොන්දක් ඇතිනම් පවසන ලෙසත්ය.

විනාඩි පහක් යන්නට පෙර පරීක්ෂණ කණ්ඩායම පිටවී ගොස් ඇත. ඉන් අනතුරුව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඉතිරි වී ඇති සයිනොෆාම් එන්නත් එකතු කිරීම අරඹා තිබේ.

එසේ එකතු කරගත් එන්නත් තුන්සීයක් එදිනම (09) සවස 2 වනවිට දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එවූ ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ එදිනම මෙම එන්නත් පොල්හේන වෙත ගොස් ලබා දිය යුතු බවත් රාත්‍රී කොපමණ කාලයක් ගත වුවද එය එදින නිමා කළ යුතු බවත්ය. එන්නත් මදි වුවත් තිබෙන එන්නත් ප්‍රමාණයෙන් වැඩසටහන ආරම්භ කිරීමට නියෝග ලැබී ඇත.

මේ කටයුත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ඉවත් වූ බැවින් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා තවත් වෛද්‍ය නිලධාරියෙක් සමග පොල්හේනට ගොස් එම එන්නත් 300 ලබා දී ඇත.

වාර්තාවන පරිදි මැල්ලවගෙද පොල්හේන සෞඛ්‍ය ඇමතිනියගේ ස්වාමිපුරුෂයා මෙන්ම දැනට එතුමියගේ පුද්ගලික ලේකම්වරයා ද වන කාංචන ජයරත්නගේ ගමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ රටේ කොවිඩ් ප්‍රභේදයෙන් නව ප්‍රභේද ඇතිවීමේ අවදානමක්…

Next Post

සහරාන්ලාට මාස ගණනාවක් රැකවරණය දුන් කහටගස්දිගිලියේ “පෝස්ට් මාස්ටර්“ අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.