මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගත්තා යැයි කියමින් සිදුවුන ගාස්තු වැඩිවිම නීති වීරෝධී බවත් තමන් ඊට එරෙහිව නීතිය ඉදිරියට යන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදේශයක සිට මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
ඔහු පැවසුවේ සභාපතිවරයා ලෙස තමන් සහ අධ්යක්ෂ ජනරාල්වරයා නොමැති අවස්ථාවක වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා සහ කොමිසමේ ලේකම්වරිය ජනාධිපති මන්දිරයට ගෙන්වාගෙන කළ මේ බලපෑම් සහගත නීති විරෝධී විදුලි සංශෝධනයට එරෙහිව කොමිසමේ සභාපතිවරයා වශයෙන් මෙන්ම ජනක රත්නායක නම් පුද්ගලයා ලෙස ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.
විදේශයක සිට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේසේ පැවසුවේය.
නොවිය යුතු කාරණා සිදුවුනා. ඊයේ (15) දිනයේ දී සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා නැති අතරේ අපේ ඉන්නවා වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරයෙක් එතුමා සහ කොමිසමේ ලේකම්වරිය ජනාධිපති කාර්යාලයට ගෙන්වලා එතනදි තමයි මේ අවශ්‍ය ලියකියවිලි සකස් කරලා තිබෙන්නේ.
මේවා ගේ ස්වාධීන කොමිසකමට මේ වගේ බලපෑම් කිරීම හොඳ නෑ. අපි බලාපොරොත්තුවෙන්නෙ රටේ නීතිය ඒ ගරුත්වය. නීතියක් නැතිව උනොත් මේ රට කොතෙන්ට ද යන්නෙ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියනවා.
සාමාජිකයින් විසින් වැරදි විදිහට එකතුවෙලා මගේ දැනුමක් නැතිව , ඝණපූර්ණයක් නැතිව කිසිම ගණනය කිරීමකින් තොරව මහජන උපදේශනයකින් තොරව මම දන්න නීතියට අනුව නීති විරෝධීව තමයි විදුලිබිල සංශෝධනය කළේ. ඒ සම්බන්ධව මගේ වීරෝධතාවය මා පලකරනවා. ජනක රත්නායක වශයෙන් පුද්ගලිකව සහ සභාතිවරයා වශයෙන් ඉදිරියේ දි ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්න නීතිය ඉදිරියට ගිහින් නීතියේ පිළිසරණ පතන්න තමයි මගේ බලාපොරොත්තුව තිබෙන්නෙ.







