ශ්‍රියානි විජේසිංහ –
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විධිමත් පරික්ෂනයක් පත්වන්නැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ලිඛ්ත ඉල්ලීමක් කර ඇත.
මෙම අප්‍රසන්න සිදුවීම් සම්බන්ධයෙන් පරික්ෂණයන් පවත්වන සෞඛ්‍ය අමාත්‍යංශය, පොලීසිය, හෝ වෙනත් ඕනෑම ආයතනයට තම සංගමයේ සම්පූර්ණ සහය ලබා දීමට සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බව සංගමයේ සභාපති අජිත් තිලකරත්න සඳහන් කරයි.
මෙම සිද්ධිය පිලිබඳව සොයා බැලීමටත් නිරික්ෂණ ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය නිර්දේශ ලබා දීමටත් පළපුරුදු ඖෂධවේදීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුවේ නිර්දේශයන් ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
කෙසේ නමුත් මෙම සිදුවීම් සැලවූ වහාම සංගමයේ සාමාජිකයින් දැඩි කම්පනය පත් වූ බවද හෙතෙම පැවසීය.







