බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනාට තව අවුරුද්දක්… කුලප්පුවී පිච් එක මැද නටා නැට්ටේත් ගොම ගාගත් ගවරංචුවක් මෙල්ල කළ සනා ගේ ක්‍රිකට් මන්තරේ….

by editor
සැප්තැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සනාගේ පුහුණුකාරකම අවුරුද්දකින් දීර්ඝ කර තිබේ. සනා පුහුණු කාර තනතුරට පත්වන විට මතුවුන විරෝධය දැන් කොතැනකවත් නැත.

ඔහු එම තනතුරට එනවිට සියල්ලන්ටම මෙන්ම අපටත් ගැටලු තිබිණි. වරෙක ඔහු ක්‍රිකට් පවාදීමේ චෝදනා මත අයිසීසීය විසින් සියලු ආකාරයේ ක්‍රිකට් තහනමකට ලක් කළේය.

සනා මින් පෙර පුහුණුකාර තනතුර කරන්නට ගොස් හොඳටම අනා ගත්තු අත්දැකීම් ද රටට තිබේ. හරීන් ප්‍රනාන්දු වැනි ක්‍රීඩාවට වඩා ගේම් සඳහා රුචියක් දක්වන ගෙම් කාරයෙකුගේ ක්‍රීඩා ඇමතිකම යටතේ ඔහුගේ සමීප සගයෙක් ලෙස මතුවන සනා තාවකාලික පුහුණුකරුවෙක් ලෙස හෝ පත්වීම බොහෝ දෙනෙකුට රුචි වූයේ නැත.

හේතුව ක්‍රිකට් තිබුණේ කුණු කානු පල්ලේ වීමය. ඇඟේ හයියට බැට් එකෙන් බෝලයට ගැසීම ක්‍රිකට් යැයි සිතු මී හරක් පිරිසක් පිට්ටනිය මැද තුට්ටු දෙකේ ෂෝ දමමින් පාතාලයේ මැරයින් ලෙස හැසිරීමින් විලි ලජ්ජා නැති ලෙස මැච් පැරදෙමින් සිටින වකනුවක් ගතවෙමින් තිබෙන විට මොකා ගැනත් සැකය.

අවසානයේ දී මේ තරගාවලි සියල්ලේදීම මෑන් ඔ්ෆ් ද සීරිසයස් සනා දැයි සිතෙන තරමට වැඩේ සිද්ධ වුනේය. සනා වැඩේ පටන් ගත්තේ කණේ කඩුක්කන් මාළ වළළු කූරු හවඩි දාගෙන කොණ්ඩා පාටකරගෙන පිට්ටනිය මැද තප්පුලන ලැබූ හරක් පැටව් ටික පොලිම් කර කොණ්ඩ කප්පවා කරාබු ගලවා පිළිවෙළකට ඇදුමක් අන්දව පිට්ටනියට යැවීමෙනි. තමන් වැල්ලේ කෙලින අයිආර්සී කාරයින් නොව රටේ තානාපතිවරුන් බවට වූ වගකීම ක්‍රීඩයකයින්ට ලබා දී තිබුණ අයුරු දුටුවෙමි. ඒ සනා පුහුණුකරු වී අප ක්‍රීඩා කළ ඉන්දියාව සමග තරගාවලියේ දී ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මුන් ටික හික්මවා පිටියට එන ආකාරය දුටු නම් මැච් පැරදුනත් කමක් නැති බව සිතුනේය. මහත්තුරු වී ක්‍රිකට් ගහනු දකින විට අම්මපා හිතුනේ මේ විදිහට ක්‍රිකට් ගසා පැරදුනත් කමක් නැති බවය.

ඒත් අප දුටුවේ සුපිරි ගේමකි. විස්සයි විස්ස තරගාවලිය පරාද වූ බව සැබෑය. තුන්වැනි තරගය සම වුනේය. ඉන්දියාව දිනන්නේ සුපිරි පන්දු ඕවරයේ දී ය.

එහෙත් එක් දින තරගාවලිය මුලුමනින්ම වෙනස් වූයේය. ඉන්දියාව තරගාවලියම පරාදය. එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දී ක්‍රීඩා කළ සුපිරි ආකාරය පිළිබඳ කතාවක් නැත. තරග තුනෙන් දෙකක් වෙනස්ම තත්ත්ව යටතේ ක්‍රීඩා කර පැරදුනත් තුන්වැනි තරගයේ දී එංගලන්ත කණ්ඩායම එංගලන්ත තණතීරුවලදී පරාජය කරනු ලැබුවේය.

ඒ ජයග්‍රහණයේ ගැම්ම දැන් ගාලු ක්‍රීඩාංගනයේ ප්‍රකටය. මුල් තරගය විශිෂ්ට ලෙස දිනුම්ය. දෙවැනි තරගය අතිවිශිෂ්ට දිනුමක් අභියසය.

සනාගේ පුහුණු කාර ධූරය අවුරුද්දකින් දීර්ඝ වන්නේ මේ වටපිටාවේ දී ය. අප මේ යථාර්ථය දැන් තේරුම් ගත යුතුය. වැරැද්ද තිබුණේ තාක්ෂණයේ නොවේ. හැකියාවේත් නොවේ. තාක්ෂණය සහ හැකියාව හදන්නට ක්‍රිකට් ව්‍යුහය තුළම අවස්ථා තිබේ. අපට අවශ්‍යවී තිබුනේ විද්‍යාත්මක පුහුණු කරුවෙක් යටතේ සිද්ධ කරන ශාස්ත්‍රීය ශික්ෂණයක් නොවන සනා කියා දී ඇත.

අපට අවශ්‍යව සිටියේ පිස්සු කෙළින පොඩි ඒකෙකුට කණට දෙකක් ගසා අ$$ට හු# ගන්නේ නැතිව වැඩේ කරපිය ප#$ කියන්නට හැකි එකෙකි. කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි සුදුසුකමක් ඒ සඳහා සනාට තිබිණි. හිතූ හිතූ ලෙස පිස්සු කෙළින වැද්දන් කණ්ඩායමක් වෙනුවට දැන් මහත්මා ශික්ෂණයෙන් යුතුව ලෝකයටත් ආඩම්බරයක් වෙන ලෙස ඒ කණ්ඩායමම ක්‍රිකට් ගසමින් සිටිති. රටේ ගෞරවය ආරක්ෂා කරන තානාපතිවරුන් ලෙස හැසිරෙමින් තමන්ට හැකි උපරිමය කර පැරදුනාට කිසිවෙක් වචනයක් කියන්නේ නැති බව දැන් පැහැදිලි වී තිබේ. ඒ ගෞරවය නම් නිසැකවම සනාටය.

ඒ සම්බන්දව ඔහුට හිස නමා ආචාර කළ යුතුය. පුහුණුකරණයේ ඉහළම ශාස්ත්‍රීය දැනුම් පද්ධතියකින් කණ්ඩායමක ක්‍රිකට් කළමනාකරණය කළ හැකිවා සේම ඊට හසුනොවන ප්‍රායෝගික දර්ශක ප්‍රමාණයක් බලගැන්වීමෙන් රටට අනන්‍ය ක්‍රිකට්ව ගැඹුර ස්ඵර්ශ කරන ආකාරය දැන් පෙනෙමින් තිබේ.

කුලප්පු වුන කුළු හරක් මෙල්ල කළ හැක්කේ වැඩේ දන්නා ගොපල්ලෙකුට මිස සත්ත්ව විද්‍යාඥයෙකුට නොවන බව සනා කියා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක එක පක්ෂවල අවශ්‍යතාවයට එජාප නායකත්වය වෙනස් කරන්න දෙන්නෙ නෑ… එජප නායකයා රනිල් බවට ගාල්ලේදී ඒකමතික යෝජනා සම්මතයක්!

Next Post

වහ දමා කෙස් හැලු මිනුන්ගොඩ සැලොන් කඩේ හිමිකාරියගේ අපේක්ෂිත ඇප අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.