සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහ දමා කෙස් හැලු මිනුන්ගොඩ සැලොන් කඩේ හිමිකාරියගේ අපේක්ෂිත ඇප අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!

by editor
සැප්තැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිය නීතිඥයින් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු එම රූපලාවණ්‍යාගාර හිමිකාරියව අත්අඩංගුවට ගන්නා ලෙස නැවත වරක් නියෝග කරනු ලැබීය .

මෙම අපේක්‍ෂිත ඇප ඇදුම් පත විභාගයට ගත් අවස්ථාවේදී මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් .පී.එස්. ජයලත් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂිකා වජිරා චාමලී අධිකරණයට කරුණු දක්වමින් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියට ඇප ලබාදීමට විරුද්ධ වන බවත් ඇය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාව මගින් ප්‍රධාන සැකකාරිය ලෙස නම්කර සිටින බවද පැවසීය.

එසේම මෙම සැකකාරිය අදාළ සිදුවීම වූ ඉකුත් 30 වෙනදා සිට අධිකරණ නියෝග නොසලකා හරිමින් පොලිසිය හා අධිකරණය මගහරිමින් සිටින තැනැත්තියක් බවද පොලිසියේ අධිකරණයට කරුණු දැක්වීය .

මෙහිදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ සරල කරුණාරත්න සහ සරණ කරුණාරත්න අධිකරණයට කරුණු දක්වමින් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාර තැනැත්තිය සිද්ධියට අදාළව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ප්‍රධාන සැකකාරිය වී සිටින අයෙකු බවත් ඇයට ඇප ලබා දුනහොත් සිද්ධිය පිළිබඳව දැනට ක්‍රියාත්මක වන විමර්ශන වලට බාධාවක් වන බවත් පැවසීය.

මෙය මේවන විට ක්‍රියාත්මක විමර්ශනවලින් සහ අත්අඩංගුවට ගැනීමෙන් ගැලවීම මූලික කරගෙන ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතක් වන බැවින් මෙම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙසත් අගතියට පත් පැමිණිලිකාර කාන්තාව හට සාධාරණයක් සිදු විය යුතු බවත් එම නිසා මෙම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය .

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

මෙම අවස්ථාවේදී ප්‍රධාන සැකකාරිය වන රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ සංජීව හෙට්ටිආරච්චි අධිකරණයට කරුණු දක්වමින් බී වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමට නොහැකි බවට ඇප පනතේ සඳහනක් නොමැති බවත් ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය .

මෙහිදී දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර එම සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නැවත වරක් පොලිසියට නියෝග කරනු ලැබුවාය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

සනාට තව අවුරුද්දක්… කුලප්පුවී පිච් එක මැද නටා නැට්ටේත් ගොම ගාගත් ගවරංචුවක් මෙල්ල කළ සනා ගේ ක්‍රිකට් මන්තරේ….

Next Post

නවසීලන්ත කණ්ඩයමට ඉතිහාසගත පරාජයක් උරුම කර අප ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල 03 වැනි තැනට ගිය ගමන….

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.