සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරකයින්ට විවේක ගන්න යාල මැද දැවැන්ත විවේක පරිශ්‍රයක් ඉදිකරන්නට යයි!

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
Yaala
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                  

යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place)   ඉදි කිරීමට තීරණය කර ඇත.

එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට ආහාර පාන මෙන්ම වෙනත් අධ්‍යාපනික වැඩ සටහන්වලට සහභාගි වීමේ පහසුකම් සැලසීම සඳහා විවේක පරිශ්‍රයක් ඉදි කරන්නැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශය මහින්ද අමරවීර   වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාරට උපදෙස් දී ඇත .

යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරක පිරිස් පැමිණෙති. මෙම  දෙස් විදෙස් සංචාරකයින්ට වනාන්තරයට අයත් කළාපවල සංචාරය කරන අතර තුර දිවාකාලයේ  විවේක ගැනීම සඳහා මෙතෙක්  පහසුකම් සහිත සුදුසු ස්ථානයක් නොවීය.

විශේෂයෙන් මධ්‍යහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරය තුළ සැරිසැරීමට ඉඩ නොලැබේ. වනසතුන්ට හිරිහැරයක් වන බැවින් එම කාලය තුළ වාහන විවිධ ස්ථානවල නවත්වා ගෙන සිටීම මෙතෙක් සිදුවිය.

ඒ අනුව යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදු කෙරේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

යාල වනාන්තරයේ පට්ටනංගල  Block B  කොටසේ මෙම විවේක පරිශ්‍රය සඳහා වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැළසේ.

වන සතුන්ට සහ  වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින්  මෙම විවේක ස්ථානය ඉදි කිරීමට කටයුතු කර ඇති අතර එහි සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම  ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සම්බන්ධව සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ආරම්භ කිරීමට නියමිතය. 

මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි. 

 ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට පෙර මෙන් සංචාරකයින් නැවත පැමිණෙන බැවින්  විශේෂයෙන් අප රටේ අභයභූමි ආශ්‍රිතව ඔවුන්ට ලබා දිය හැකි පහසුකම් වැඩි කිරීමටත්, ආකර්ශනීය සේවාවන් ලබා දීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වනජීවි නිලධාරින්ට උපදෙස් දී තිබේ.. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු මාරු සිදුවන හැටි ඇමතිවරයා කියයි…

Next Post

එක්වර බිත්තර 400ක් රැක්කවිය හැකි ලෝකයේ මිල අඩුම ඉන්කියුබේටරය

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.