ශිෂ්‍යත්ව විභාගය පසුගියදා අවසන් වුයේ රටේ දරුවන්ට මවුවරුන්ට මෙන්ම ගුරුවරුන්ටද සැනසුම් සුසුම් ගෙන දෙමිනි. කිහිප අවස්ථාවකම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු වෙනස් වීමෙන් පසු එය පසුගිය 18 වැනිදා පවත්වන ලදී.
මහව අධ්‍යාපන කලාපය දිවයිනේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල වාර්තා කරන කලාප අතරින් එකකි. එහෙත් සෑම වසරකම මේ අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමෙන් අනතුරුව කතාබහට ලක්වන කාරණාවක් ඉතිරි වන්නේ කුමන කරුමයකට දැයි නොතේරෙයි.
පසුගිය 18 වැනිදා එවැනි සිදුවීමක් සිදුව තිබුණේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසල ශිෂ්‍යත්ව විභාගය ලියූ නිතලව කනිටු විදුහලේ දරුවන් එකොළොස් දෙනෙක් සම්බන්ධයෙනි. ඒ සිදුවීම මේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම් ය.
දරුවන් වෙත බෙදා දුන් ප්‍රශ්න පත්‍රය ඔවුන් පිළිතුරු ලියා පැය බාගයකට පසු නැවත එකතු කර ප්‍රශ්න පත්‍ර මාරු කර බෙදා දී තිබුනේ සෑම ප්රශ්නපත්රයකම සඳහන් මුද්‍රණ අංකය ප්‍රශ්න පත්‍ර බෙදනවිට මාරු වීම හේතුවෙනි.
ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණ අංකය මාරු වුවහොත් එයට පිළියමක් ලෙස විභාග රාජකාරි සටහනේ ලොග් සටහනක් තැබීම ප්රමාණවත්ය. විභාග රාජකාරියක දී අංක එකට කළ යුත්තේ නියමිත වේලාවට සිසුන්ට ප්‍රශ්න පත්‍ර ලබාදීමයි. අංක මාරු වීම එයට අදාල නැත. කළ යුත්තේ කුමන අංකයකින් හෝ දරුවන්ට වෙලාවට ප්‍රශ්න පත්‍රය ලබා දීමයි. එවැනි සුළු කාරණයක් නොදැන සිටීම දරුවන්ට මහා විපතක් ගෙන දී ඇත . දැන් මේ සිද්ධියට වගකියන්නේ කවරෙක් ද?.
ගුරු වෘත්තිය අනෙක් වෘත්තීන්ගෙන් වෙනස් වන්නේ එය දරුවන්ගේ ජීවිත හා කරන ගනුදෙනුවක් බැවිනි. උපාධි ලෝගුව දාගත් පමණින් සැමටම කළ එය නොහැකිය. ඊට වෘත්තිය පුහුණුවක් අවශ්‍ය වන්නේ එබැවිනි. විභාග රාජකාරියක දී ඇතිවන ගැටලුවක් දරුවන්ට හානියක් නොවන ලෙස විසඳාගැනීමට තරම් මොළයක් නැති අයවලුන් ගුරුවෘත්තිය යෙදෙන්නේ කෙසේද?. මෙවැනි ගැටලුවලට හේතුව උපාධිය ලබා ගත් පමණින් ගුරුපත්වීම් ලබා දීමද.? . ගුරු වෘත්තිකයින් ක්ෂේත්රයේ වැඩ භාර ගැනීමට පෙර ඔවුන්ට පුහුණුවක් ලබා නොදීමේ ඛේදවාචකය ද?. මෙය පුළුල් සංවාදයකට ලක් විය යුතු තත්ත්වයකි.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැමිණ විමර්ශන නිලධාරීහු ඊයේ නිතලව කණිටු විදුහලේ දරුවන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ.
වරද කළ ගුරුවරියට වරදට දඬුවම් ලෙස ජීවිතාන්තය දක්වා විභාග වැඩ තහනම් වනු ඇත.
නමුත්….නමුත් අගතියට පත් දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කිරීමට පැහැදිලි මාවතක් නැත.
සැබැවින්ම එය ඛේදවාචකයකි. මින් මතුවට එවැනි ඛේදවාචක නොවෙන්නට වග වගකිවයුත්තන්ගේ ඇස් ඇරෙත්වා!









