ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය, හෝබාට් හි දී අයර්ලන්ත කණ්ඩායම සමග අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වේ.
පැතුම් නිස්සංක ගේ හා ප්‍රමෝද් මධුශාන්ගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් ඇති බව වාර්තා වේ.
අද (23) තරගය ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් අතර මෙල්බර්න්හිදී පැවැත්වෙයි.
ඊයේ (22) සුපිරි 12 දෙනාගේ වටයේ පැවති තරගවලින් ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 05ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර නවසීලන්තය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 89ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.







