ලලිත් චාමින්ද –
නීති විරෝධිලෙස මුහුදුමාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලායාම සදහා ගාල්ල තල්පේ ප්‍රාදේශයේ හෝටලයක රැඳී සිටි පුද්ගලයින් 43 දෙනෙකු අද (23) අළුයම අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
මිරිස්ස නාවික හමුදා කඳවුරේ බුද්ධිඅංශයේ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අතර ළමුන් 03 නෙකුද පිරිමි 33 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු සිටින අතර මොවුන් සියලු දෙනා යාපනය දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවෝ වෙති.
මෙවුන් යාපනයේ සිට කොළඹට පැමිණ ඇත. පසුව පුද්ගලික බස්රථයකින් මරදානේ සිට ගාල්ල බලා පැමිණ ඇත.
මොවුන් නීති විරෝධිලෙස විදේශගතවීම සඳහා මෙම හෝටලයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකොට තිබේ.
බසයේ රියදුරුද පොලිස් භාරයට ගෙන ඇත. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වයි.







