සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොපමණ නියාමනය කළත් විස කැස්ස පැණිය රටට ඒම සියයට සීයක් නවත්වන්න බෑ!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන  විධායක නිලධාරී  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර

by editor
ඔක්තෝබර් 23, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සාකච්ඡාව – ශ්‍රියානි විජේසීංහ –

රට පවතින්නේ ආර්ථික අර්බුධයකය.  විවිධ විදේශීය සංවිධානයන්ගෙන් ඖෂධ , ශල්‍ය උපකරණ ඇතුළු විවිධ දෑ රටට ලැබෙමින් ඇත. එම ඖෂධය  සමග  ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ කුඩා දරුවන්‌ගේ  ජීවිත බිලිගත් කැස්ස පැණිය ලංකාවටත් පැමිණිමේ ඉඩකඩ ඇත්ත ද?.

මේ  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන  විධායක නිලධාරී  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර  සමග කළ සාකච්ඡාවකි. 

විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර 

ප්‍රශ්නය –   කැස්සට භාවිත කරන පැණියක් විසවිමෙන්     ඉන්දුනීසියා‌වේ සහ ගැම්බියාවේ ළමා ජීවිත සිය ගණනක් නැතිවුනා.   ජීවිත අවදානමකට  ලක්කරන  මෙම පැණිය අපේ රටෙත් භාවිත කරනවාද?

පිළිතුර –  ගැටලුකාරී තත්ත්වයක් ඇතිකළ මෙම  පැණිය අප රට තුළට නීත්‍යානුකූලව පැමිණිලා නැහැ. 

ප්‍රශ්නය – ඒ කියන්නේ නීත්‍යානුකූලව නොවන මට්ටමකින් පැමිණිලා කියලද ඔබ කියන්නේ.?

පිළිතුර – මම එහෙමමම කියනවා නෙවෙයි. නමුත් මේ වගේ දේවල් හොර පාරෙන් රටතුළට ඒමේ ඉඩකඩ තියෙනවා. අපි දන්නවා ඉන්දියාවෙන් බෝට්ටු මගින් විවිධ බඩු භාණඩ මෙරටට නීත්‍යානූකූල නොවන අන්දමින්  පැමිණෙනවා. ඒ අතර විවිධ ඖෂධ වර්ගත් තියෙන්න පුලුවන්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – නීතී විරෝධි ලෙස රටතුළට ඇතුළුවන ඖෂධයන ජනතාව අතට යාම වැලැක්වීමට කල හැක්කේ කුමක්ද?

පිළිතුර – සුදූසුකම් ලත් වෛද්‍යවරුන්ගෙන් හැර අන් අයගෙන් ප්‍රතිකාර ලබා නොගත යුතුයි. ඒ වගේමයි ඖෂධයක් මිලදී ගැනීමට ඔබ ෆාමසියක් වෙත යනවා නම් ඒ ෆාමසි ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර තිබෙන එකක්ද යන්න පිලිබඳව සොයා බැලිමක් කළ යුතු වෙනවා. 

ප්‍රශ්නය – ඉහත සඳහන් කළ කරුණු දෙකට අනුව  නීතිවිරෝධී ඖෂධයක් ජනතාව අතට යාම වැලකෙන්නේ  කෙසේද?

පිළිතුර – මෙරටට නීත්‍යානුකූලව ගෙන එන ඖෂධ කියන්නේ ජාතික ඖෂධ අධිකාරියේ අනුමැතිය ලැබී ඇති ඒවා. එම ඖෂධ  ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වු ඒවා . සුදුසුකම් ලත්  වෛද්‍යවරු රෝගීන්ට නිර්දේශ කරන්නේ එම ඖෂධ පමණයි. 

ඒ වගේම තමයි අප ආයතනය තුළ ලියාපදිංචි වී තිබෙන පෞද්ගලික ඔසුසැල්වල අලෙවි කරන්නෙත් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ඇති ඖෂධ පමණයි. ඒ අනුව යම් පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යන්නෙ නම් හා ලියාපදිංචි කර ඇති පෞද්ගලික ඔසුසලකට යන්නේ නම්   නීති විරෝධීව මෙරටට ගෙන එන ඖෂධ ලැබෙන්නේ නැහැ .

ප්‍රශ්නය- නීත්‍යානුකූලව මෙරටට ගෙන එන සෑම ඖෂධයක්ම ජාතික ඖෂධ අධිකාරිය තුළ ලියාපදිංචි කරනවාද?

පිළිතුර – සාමාන්‍ය තත්ත්වය යටතේ   රටට අවශ්‍ය ඖෂධ මෙරටට ගෙන ඒ්මට   ඖෂධ අධිකාරිය තුළ ලියාපදිංචි විය යුතුයි. නමුත් හදිසි ආපදා අවස්ථාවකදී හෝ රටතුළ ආර්ථික අර්බුධයක් පවතින අවස්ථාවකදී විදෙස් රටවලින් අපට ඖෂධ පරිත්‍යාගයන් ලෙස ලැබෙනවා . එවන් අවස්ථාවකදී ජාතික ඖධෂ නියාමන  අධිකාරියේ ලියාපදිංචි වීම අවශ්‍ය නැහැ. නමුත් අපි ඒ හැම ඖෂධයක්ම නියාමනය කරනවා. 

ප්‍රශ්නය  – ඒ නියාමනය සිදුවන්නේ කෙසේද?

පිළිතුර – අප රටට පරිත්‍යාගයන් ලෙස ලැබෙන ඖෂධ වෙනත් රටවල් වල භාවිත කරනවාද? ඒවායේ අතුරු ආබාධයන් මතුව තිබෙනවාද? එම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම පිලිබඳ විස්තරයන් යනාදි කරුණු කෙරෙහි අවධානයක් යොමු කරනවා.

ප්‍රශ්නය- මේ වන විට අප රට තුළ දැඩි ආර්ථික අර්බුධයක් මතුව තිබෙනවා. ඒ නිසා විදේශිය පරිත්‍යාගශීලීන්ගෙන් රටට  ඖෂධ  සැලකිය යුතු මට්ටමින් ලැබෙමින් පවතිනවා. ඔබ කොපමණ නියාමනයන් කළත් ඉන්දුනීසියාවේ ඇති වූ ත්ත්වයක් ඇති නොවන බවට සහතික වෙන්න පූලුවන්ද?

පිළිතුර – අපිට සියයට සියයක්ම එහෙම කියන්න බැහැ. ඒ නිසා තමයි මම මුලිනුත් කීවේ ප්‍රතිකාර ලබා ගැනීමට  සූදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යාම හා ලියාපදිචි වූ ෆාමසියක් වෙතින්ම පමණක් ඖෂධ මිලදී ගත යුතු බව. 

මොකද ලියාපදිංචි ෆාමසියක් තුළ ඉන්නේ සුදුසුකම් ලත් ඖෂධවේදින්. ඒ අය දන්නවා එම ඖෂධ ලොව පුරා භාවිත කරන එකක්ද නැද්ද යන වග.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව සුපිරි වටයේ තරග බිමට… ශ්‍රී ලංකා – අයර්ලන්ත  තරගය  අද උදේ  9.30ට

Next Post

පෝෂණ ගුණයෙන් කප් ගහපු ජනප්‍රිය එළවළු ජපන් බටු ළඟ පදිරි වෙන හැටි.

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.