සූරියවැව – නුවන් ජයසේකර
තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්රදේශයට අයත් බලහරුව ගැමුණු පුර ප්රදේශයේ ඉඩමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
මෙම වනඅලියාට වෙඩි වැදී මියගොස් ඇති බවට සැකකෙරන අතර වනඅලියාගේ මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිතය .
මියගිය වන අලියාගේ වයස අවුරුදු 10ක් පමණ හොඳින් වැඩුණු සතෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කොටුකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.