ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදීමට උත්සාහ කළ පිරිසද අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් රෝගීන් ඇතුළු පිරිසක් අද(19) රෝහල් පරිශ්‍රය අසල විරෝධතාවයක නිරත වූහ .
.විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා දකුණට සම්පතක් බවත් ඔහු පිළිකා රෝගීන් වෙනුවෙන් සුවිශේෂි වූ කාර්යභාරයක් කරන විශේෂඥ වෛද්‍යවරයෙකු බවත් විරෝධතා කරුවෝ මෙහිදී සඳහන් කළහ.
රෝහලේ සුළු සේවිකාවකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුමෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
පිළිකා රෝග ඒකකයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වර්ජනය නොකරන බවට වූ පරිපාලන එකඟතාවය කඩ කර සුළු සේවකයින් වර්ජනයට සහභාගී වීම නිසා රෝගී සත්කාර සේවාවේ සිදුවූ බරපතල ඇනහිටීම සම්බන්ධව ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් මෙම සිද්ධියට මූලික වි තිබිණි.
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබයි