රටේ මේ තරම් ගැටලුවක් නිර්මාණය වී ජනතා උද්ඝෝෂණයක් ඇති වී තිබෙන මොහොතක පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතරය හදා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව දියත් කර ඇති මන්ත්‍රීවරුන් බිලී බෑමේ අශිෂ්ට උත්සාහයට විරෝධය පලකර අද (12) දෙවන වරට පැවැත්වෙන අණ්ඩුවෙන් ස්වාධීනවූ මන්ත්‍රීවරන්ගේ ජනාධිපති හමුවට එක් නොවීමට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ කෝටි ගණන් මුදල් විසිකරමින් වරදාන සහ වරප්‍රසාද බෙදමින් ස්වාධීන මන්ත්‍රීවරුන් බිලී බා ගන්නා මේ අශිෂ්ට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා දැනුම්වත්ව බැවින් එවැනි අවිශ්වාසනීය පුද්ගලයෙක් සමග සාකච්ඡා පැවැත්වීම පලක් නොවන බවය.
ලංකා ඉතිහාසයේ මුල් වරට දේශපාලකයෙක් නොවන වෘත්තිකයෙක් පත් කරගැනීමට රටේ ජනතාව මෙන්ම තමන් ද උර දුන්නේ මෙවැනි විලි ලජ්ජා නැති දෙකේ කොලයට වැටෙන වැඩ බලාපොරොත්තුවෙන් නොවන බව දයාසිරි ජයසේකර මහලේකම්වරයා ලංකාසරට කීවේය.
මේ අවස්ථාව වනවිට විසිකරන මුදල් කන්දාරව අනුව කවුරු කොතැනට විතැන්වේ දැයි කිව නොහැකි නමුත් ජනතාව ඉදිරියේ මේ පුද්ගලයින් නිරුවත් වීම ඔවුන්ගේ දේශපාලන අනාගතය තීන්දු කරනු සහතික බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිට පක්ෂයේ එකඟතා සහ සාමුහික අරමුණු කඩ කළ ප්‍රියංකර ජයතරත්න සහ ශාන්ත බණ්ඩාර ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත් කිරීමට කටයතු කරමින් යන බවත් මහලේකම්වරයා කීවේය.







