දැනට දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර තමන් හා දුරකථනයෙන් සම්බන්ධ වුන බවත් මින් පෙර ප්‍රකාශ කළ පරිදි අද දින ඔහු ධුරයෙන් අස්වන බවත් ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් තමන්ට ලැබෙන්නට සලස්වන බවත් ප්‍රකාශ කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන දැන් ප්‍රකාශ කරයි.
ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සැලසුම් කළ වැඩපිළිවෙළ මේ මස 20 වැනි දින නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීමෙන් පසු අවසන් වන බව ඔහු දන්වා සිටී.
එබැවින් ඒ පිලිබඳ කිසිම සැකයක් තබා නොගන්නා ලෙසත් සාමකාමීව කටයුතු කරන ලෙසත් කතානායකවරයා නැවත ඉල්ලා සිටී.







