පසුගිය පැය 36 තුළ වාර්තා වූ බිඳවැටීම් 55940ක ප්‍රමාණයෙන් 17,460ක් යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න පවසයි.
එය සමස්ථ බිඳවැටීම්වලින් සියයට 31ක් බවද මණ්ඩලය පෙන්වා දෙයි.
ඉතිරි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ කණ්ඩායම් පැය 24 පුරා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කරයි.
විදුලි බිඳවැටීම් සහ ගැටලු සහගත තත්ත්ව CEB Care යෙදුම හෝ 1987 හරහා වාර්තා කරන ලෙස ද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලයි.







