බෞද්ධ බැතිමතුන්ගේ මහත් භක්ති ආදරයට පාත්‍ර වූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණෝ අද ( 29) කොළඹ ජාතික රෝහලේ දී අපවත් වූහ.
අපවත් වනවිට උන් වහන්සේ 62 හැවිරිදි වුහ.
උන්වහන්සේගේ චතුර දේශනා රටාව ජාතියක් අධ්‍යාත්මිකව සුවපත් කිරීමට මහත් දායකත්වයක් ඇති කරවූයේය. එතුමෝ
කලක් තිස්සේ අසනීපයකින් පෙළෙමින් සිටි අතර දිගුකාලීන ප්‍රතිකාර ලබමින් පසුවූහ..
අවමංගල්‍ය කටයුතු තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.







