කීර්ති ප්‍රනාන්දු –
සිගරට්ටුවක රුපියල් 3 සිට 15 දක්වා ඉහළ ගිය බව ලංකා දුම්කොළ සමාගම පවසයි.
ඒ අනුව දුම්කොල සමාගම කැප්ටන් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් තුනකින් ද බ්‍රිස්ටල් සහ ගොල්ඩ්ලීෆ් මිල රුපියල් 05කින් ද, ඩන්හිල් ස්විච් සහ ඩන්හිල් ඩබල් ස්වීච් වර්ගවල සිගරටුවක මිල රුපියල් 10කින් ද ඩන්හිල් බ්ලූ ග්‍රේ සිගරට්ටුවක මිල රුපියල් 15කින් ද මිල වැඩි කර තිබේ.
වැට් බද්ද සියයට 12.5 සිට සියයට 15 දක්වා වැඩි වීම නිසා මෙම වැඩිවීම දුම්කොළ සමාගම විසින් සිදුකර ඇත. මෙවර අයවැය තුළත් සිගරට් බද්ද වැඩි කර ආදායම් උපයා ගැනීම සඳහා වූ විද්වත් නිර්දේශ සලකා බලා තිබුණේ නැත.
එහෙත් දුම්කොල සමාගම ස්වකීය ලාභය ස්ථායී කරගැනීමේ අභිලාෂයෙන් සිගරට් මිල වැඩි කර තිබේ.







