ලලිත් චාමින්ද –
අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 64.3 දක්වා ඉහළගොස් ඇති බැව් ශ්‍රී ලංකාමහ බැංකුව පවසයි. ජුලි මාසයේ පැවති සියයට 60.8 උද්ධමනය අගොස්තු මාසයේ දි සියයට 64.3 දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මිල ගණන්වල වු මාසික ඉහලයාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි. ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුලි මාසයේ පැවති සියයට 90.9සිට අගෝස්තු මාසයේ දි සියයට 93.7 දක්වා ඉහළගොස් තිබුණි.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුලි මාසයේ පැවති සියයට 46.5 සිට අගෝස්තු මාසයේ දි සියයට 50.2 දක්වා ඉහළගොස් ඇති බව ශ්‍රිලංකා මහබැංකුව පෙන්වා දෙයි.
ආහාර කාණ්ඩය තුළ මත්ස්‍ය,පළතුරු,පාන්,බිස්කට්, බිත්තර හා කුකුළුමස් මිල ඉහළ ගිය අතර සහල් හා පරිප්පු මිල ගණන් පහළ යාමක් වාර්තා විතිබුණි.
ආහාර නොවන කාණ්ඩය තුළ අගෝස්තු මාසයේ දි නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ප්‍රවාහන, රෙදිපිළි, පාවහන් හා විවිධ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහල ගොස් ඇති බවද මහබැංකුව පවසයි.







