සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයන් පත් කිරීමේ දී හරිනි – සජිත් ගැටෙති… මේ සතියේ සාකච්ඡා ඇනහිටී…

by editor
ජනවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අපේක්ෂා කළ පරිදිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය අතර සාකච්ඡා අර්බුදයකට ලක් වෙමින් තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ  සිවිල් සමාජය නියෝජනය කරන ආදේශක සාමාජිකයින් තිදෙනාගේ නම් සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟ නොවූ බැවින් මේ සතියේ සාකච්ඡා ඇනහිට ඇති බවය.

ඉවත්ව යන සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනා වන ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජන් සහ ආචාර්ය දිනේෂා සමරත්න යන අයගේ ධුර කාලය සිකුරාදා අවසන් වූ බැවින්, නව පත්වීම් සම්බන්ධයෙන් අගමැති සහ විපක්ෂ නායක අතර සාකච්ඡා දිගටම පැවතී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, සිවිල් සමාජය නියෝජනය කරන ව්‍යවස්ථා සභා සාමාජිකයින් තිදෙනා පත් කළ හැක්කේ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේම එකඟතාවයෙන් පමණි. සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති නවතම සාකච්ඡාවේදී, ආචාර්ය අමරසූරිය සහ ප්‍රේමදාස යන දෙදෙනාම තමන්ගේම නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණු බවය.

එම වාර්තාවට අනුව අගමැති අමරසූරිය නම් හතක් ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා නම් දහයක් ඉදිරිපත් කළ බවත් සඳහන් වේ.  සජිත් ප්‍රේමදාස  ඉදිරිපත් කළ නම් අතර හිටපු උපකුලපතිවරයෙකු, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ වෘත්තිකයන් කිහිප දෙනෙකු ද සිට ඇත. සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ නාමයෝජනාවලින්      දෙදෙනෙකු සම්බන්ධයෙන් එකඟ වීමට කැමැත්තෙන් සිටින බව රජයේ පාර්ශවය දැනුම් දී තිබුණත්  රජය පාර්ශයව දන්වා ඇත්තේ එම එකඟත්වයට තහවුරු කරන්නේ තමන් විසින්    නාමයෝජනා කළ  එක් අයෙකුට එකඟ වුවහොත් පමණක් බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඒ අනුව අගමැතිවරිය ඉදිරිපත් කළ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකුගේ නාම යෝජනාව විපක්ෂ නායකවරයා විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.  අදාළ නාමයෝජනා ලැබූ තැනැත්තාගේ මෑත කාලීන හැසිරීම සලකා බලන විට හෙතෙම ව්‍යවස්ථා දායක සභාවේ  සාමාජිකයෙක්  ලෙස අපක්ෂපාතීව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

අගමැතිවරිය නම් කළ අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ විරෝධය මතුවන්නේ, හිටපු දිස්ත්‍රික් ලේකම්වරයා 2024 ඔක්තෝබර් මාසයේදී වත්මන් රජය විසින් පත් කරන ලද කමිටුවක සාමාජිකයෙකු ලෙස සේවය කිරීම නිසාය.

කෙසේ වෙතත්, රජය අවධාරනය කර ඇත්තේ  විපක්ෂ නායකවරයා  විසින් ඉදිරිපත් කරන ලද නම් දෙකකට එකඟ වීමට නම්, ඔහු තම නාමිකයාට එකඟ විය යුතු බවය.  එසේ නොවුනහොත්   සාකච්ඡා ඇණහිටීමක් ඇති වන බවත්ය.

මේ ලිපියත් කියවන්න…

ව්‍යවස්ථාදයක සභාවේ සිවිල් සාමාජිකයින්ගේ ධූර කාලය අදින් අවසන් වූ පසු…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එරෙහිවුන මිත්‍ර පාක්ෂික රටවල් 08කට තීරු බදු පනවයි.. ග්‍රීන්ලන්තය මිලදී ගැනීම හෙවත් වියරු මහල්ලෙකුගේ බල තන්හාවේ නිරුවත…

Next Post

ඉන්දීය යුද හමුදාවෙන් ලැබුණු ජීප් රථ නිසා හමුදාවට වසරකට රුපියල් මිලියන 18ක ඉතිරියක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.