බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ව්‍යවස්ථාදයක සභාවේ සිවිල් සාමාජිකයින්ගේ ධූර කාලය අදින් අවසන් වූ පසු…

by editor
ජනවාරි 17, 2026
in දේශපාලන
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මඟින් ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලය අදින් අවසන් වේ. දැන් රට වෙනත් අර්බුදයක් නිර්මාණය වනු  පෙනේ. ව්‍යවස්ථාදායක සභාවේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධව යම්  අවිනිශ්චිතතාවයක් දැන්  මතු වී ඇත. 

ජනාධිපතිවරයා සතු බලය සීමා කරමින් සංවරණ සහ තුළන ක්‍රියාවලියෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් සඳහා නිර්මාණය කරගත් ව්‍යවස්ථාදායක සභාව යනු පොදුවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනයෙන් ඔබ්බට ගිය පොදු ජාතික එකඟතාවයක ප්‍රකාශනයකි.  එවන් උසස් අරමුණු සම්බන්ධව පවතින දේශපාලන හැසිරීම්  තවමත් සුලබ නැත.    ප්‍රධාන වශයෙන්ම රටේ  විපක්ෂය මේ වනතුරු එවැනි සහතිකයක් රටට ලබා දී නැත.

උදාහරණ ලෙස කොළඹ මහ නගරසභාවේ බලය ගැනීම වෙනුවෙන් විපක්ෂය මෙන්ම ආණ්ඩුව ද හැසිරුන ආකාරය, එය පවත්වා ගැනීමේ දී දෙපාර්ශවයම සිදුකරන දේශපාලන හැසිරීම් උසස් දේශපාලන සංස්කෘතියක ස්වරූපය නොපෙන්වයි. එමෙන්ම දිට්වා සුළි කුණාටුව හමුවේ ජාතියක් ලෙස එක්ව වැඩකිරීම වෙනුවට දේශපාලන වාසි තකා කළ විපක්ෂ දේශපාලන හැසිරීම් සම්බන්ධව දැඩි විවේචනයක් මැදහත් කණ්ඩායම් තුළ පවතී.

ව්‍යවස්ථාදයක සභාවෙන් ද ඒ විකල් දේශපාලන ස්වරූප මතු විය.    ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා  ලෙස නිර්දේශ කළ නම් 04ක්ම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළේය.  ජනාධිපතිවරයාගේ සරසවි මිතුරෙක්, යුද හමුදා නිලධාරියෙක්, දූෂණ චෝදනා ලද නිලධාරීන් දෙදෙනෙකුගේ නම් විගණකාධිපති ධූරය සඳහා ඉදිරිපත් කිරීම නිසා එම නම් හතරම ව්‍යවස්ථාදයක සභාවෙන්  ප්‍රතික්ෂේප වුන බව විපක්ෂය පැවසුවේය.

එහෙත් ආණ්ඩුව පැහැදිලි කළේ ව්‍යවස්ථාවේ දැක්වෙන සුදුසුකම් සහිත පුද්ගලයෙක් ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා ලෙස නිර්දේශ කළ විට එම පත්කිරීම ව්‍යවස්ථාවට අනුකූලව  බාධාවක් නොවන්නේ නම් වෙනත් ප්‍රලාප ඉදිරිපත් කරමින් එම නම් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැති බවය. එය ව්‍යවස්ථාදායක සභාව සිය බලය ඉක්මවා කටයුතු කරන්නක් යැයි ආණ්ඩුව කීවේය . එමෙන්ම  ව්‍යවස්ථාදායක සභාවේ වරණ හා සංතුලන වගකීම දේශපාල නැමියාවකින් යටපත් වී ඇති බව ආණඩුව චෝදනා කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ව්‍යවස්ථාදයක සභාවේ ධූර පුරප්පාඩු වන්නේ විගණකාධිපතිවරයාගේ ප්‍රශ්නය ද  ත්‍රීව්‍ර කරමිනි.  දෙසැම්බර් මස 06 වැනිදා වැඩ බලන විගණකාධිපතිවරයාගේ ධූර කාලය නිමා වූ පසු මේ වනවිට රට දුවන්නේ විගණකාධිපතිවරයෙක් නැතිවය. එය පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු රැස්කිරීමට බාධාවක් වන ආකාරය සම්බවන්ධව ලබන පාර්ලිමේන්තුවාරයේ දී දැඩිව ප්‍රශ්න කිරීමට විපක්ෂය සූදානමින් සිටින බව දයාසිරි ජයසේකර උපුටා දක්වමින් අද ඩේලි මිරර් වාර්තා කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මඟින් 41අ (41A) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතිස්ථාපනය කරන ලදී. එහි සාමාජිකයන් පත් කරගැනීමේ නීතිමය ක්‍රියාවලිය ඉතා සුවිශේෂී වන්නේ එය විධායකය, ව්‍යවස්ථාදායකය සහ සිවිල් සමාජය යන අංශ තුනම නියෝජනය වන පරිදි සකස් කර ඇති බැවිනි.

මේ තත්ත්වය සැකවින් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාවේ ව්‍යුහය සිහිපත් කරගැනීම වැදගත්ය.   ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ පත් කිරීමේ ක්‍රියාවලිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වේ. 41අ (1) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය මෙසේය:

  • නිල බලයෙන් පත්වන සාමාජිකයන් (03): කථානායකවරයා (සභාපති), අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා.
  • ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයා (01): ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.
  • අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක එකඟතාවයෙන් පත් කරන මන්ත්‍රීවරුන් (02): පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක්.
  • කුඩා පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා (01): අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂ හැර අනෙකුත් පක්ෂ එකඟතාවයෙන් පත් කරන මන්ත්‍රීවරයෙක්.
  • සිවිල් සමාජ නියෝජිතයන් (03): දේශපාලනයට සම්බන්ධ නොවන, සමාජයේ පිළිගත් ප්‍රමුඛ පුද්ගලයන් තිදෙනෙක්.

අද දිනයේ දී ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා පත් කරනු ලැබූ සිවිල් සාමාජිකයින් තිදෙනා ගේ ධූර කාලය නිමා වන්නේය. එසේ ධූර කාලය නිමා වන සිවිල් සාමාජිකයින් මෙසේය.

  • ආචාර්ය ප්‍රතාප් රාමනුජම්  (හිටපු අමාත්‍යාංශ ලේකම්)
  • වෛද්‍ය අනුලා විජේසුන්දර  (ප්‍රකට වෛද්‍ය විශේෂඥ)
  • ආචාර්ය දිනේෂා සමරරත්න  (නීති විශාරද / මහාචාර්ය)

මොවුහු  2023 වසරේ මුල් භාගයේදී (පෙබරවාරි/මාර්තු කාලවකවානුවේ) සිය ධුරයන්හි වැඩ භාරගත්හ. වසර 03ක් පුරා සිය ධූර කාලයේ වගකීම් හෙබවූහ.  කෙසේ වෙත්ත  2023 වසරේ දී සිදුවුන මේ සිවිල් සාමාජිකයන්ගේ  පත්වීම් සම්බන්ධව යම් සංකාවන් ද මතු වී තිබිණි.

මෙම පත්වීම් සිදු වූයේ 2022 මහජන අරගලයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීමට ගෙනා  21 වන සංශෝධනය යටතේය.  මෙම සාමාජිකයන් නම් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර එකඟතාවයක් තිබිය යුතු වුවද, එකල නම් යෝජනා කිරීමේදී දේශපාලන පක්ෂ අතර විවිධ මත ගැටුම් පැවතිණි. ඇතැම් සිවිල් සංවිධාන චෝදනා කළේ මෙම නියෝජිතයන් තෝරා ගැනීමේදී විනිවිදභාවය අවම වූ බවය.

දේශපාලන මතිමතාන්තරවලට වඩාත් සමීප පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු වූ බවටත් චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, වත්මන් සාමාජිකයන් තිදෙනාම තම වෘත්තීය ක්ෂේත්‍රයන්හි ඉහළ ගෞරවයක් දිනාගත් පුද්ගලයන් බව ද කිව යුතුව තිබේ.

ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයන් පත් කිරීමේ දී ඇති විය හැකි ගැටලු

සිවිල් සාමාජික පුරප්පාඩු පිරවීම ප්‍රජාතන්ත්‍රවාදීව ඉතා වැදගත් ප්‍රවේශයකි. එමෙන්ම එය ඊලඟ මොහොතේ බෙල්ල මිරිකා බලය ලබා ගැනීමේ ගෝත්‍රික භාවයන්ට එපිටින් ඇති  දියුණු දේශපාලන භාවිතාවක ප්‍රකාශනයකි.   එහිදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතු විය හැකිය.

ඉන් පළමු වැන්න ආණ්ඩුව සහ විපක්ෂය අතර ඇති විය යුතු එකඟතාවය ය. අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර නව සාමාජිකයන් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම අභියෝගාත්මක විය හැකිය. දැනටමත් විගණකාධිපතිවරයා පත් කරගැනීමේ දී මතු වී ඇති ප්‍රාථමික ගැටුම්කාරී ස්වරූපය මේ අභියෝගයේ ස්වරූපය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

සිවිල් සාමාජිකයන් නොමැති වීමෙන් ව්‍යවස්ථා සභාවේ  ගණපූර්ණය  සපිරෙන්නේ නැත.  මේ තත්ත්වය තුළ  පොලිස්පති, මැතිවරණ කොමිසම වැනි වැදගත් තනතුරු සඳහා පත්වීම් සිදු කිරීමට නොහැකි වී රාජ්‍ය යාන්ත්‍රණය අඩාල වීමේ අවදානම රට ඉදිරියේ තිබේ.

සිවිල් සමාජ සාමාජිකයින්  නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයේ 41අ (4) සහ (5) වගන්තියෙන් ප්‍රකාශ වන්නේය.

සිවිල් සාමාජිකයන් තිදෙනා  පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් ඒකාබද්ධව නම් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී සිවිල් සාමාජිකයන් සම්බන්ධයෙන් පහත සුදුසුකම් සලකා බැලේ.

  • ඔවුන් දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවිය යුතුය.
  • සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත, අවංකභාවයෙන් යුක්ත පුද්ගලයන් විය යුතුය.
  • වෘත්තීය මට්ටමින් ඉහළ ප්‍රසිද්ධියක් උසුලන අය විය යුතුය.
  1. පාර්ලිමේන්තුවේ අනුමැතිය:

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නිර්දේශ කරනු ලබන සිවිල් සාමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව විසින් එම නම් ස්ථිර කළ පසු, නිල වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කෙරේ.

  1. ජනාධිපතිවරයා විසින් පත් කිරීම

ව්‍යවස්ථාවේ 41අ (1) (ඉ) වගන්තියට අනුව, අදාළ නිර්දේශ ලැබී දින 14ක් ඇතුළත ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් පත් කළ යුතුය. යම් හෙයකින් ජනාධිපතිවරයා එම පත්වීම් සිදු නොකළහොත්, දින 14 අවසානයේ ඔවුන් පත් කරනු ලැබූවන් සේ සලකනු ලැබේ.

  1. ධුර කාලය සහ ඉවත් කිරීම (නීතිමය තත්ත්වය)

නිල බලයෙන් පත්වන සාමාජිකයන් හැර අනෙකුත් සියලුම සාමාජිකයන්ගේ (සිවිල් සාමාජිකයන් ඇතුළුව) ධුර කාලය වසර තුනකි (03). වරක් සාමාජිකත්වය දැරූ අයෙකුට දෙවන වරටත් පත්වීමට නීතියෙන් බාධාවක් නැත (එහෙත් එය නිර්දේශ මත පදනම් වේ).

ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයෙකු ඉවත් කළ හැක්කේ මානසික හෝ කායික අබලතාවයක් මත හෝ සදාචාර විරෝධී හැසිරීමක් වැනි බරපතල කරුණක් මත පාර්ලිමේන්තුවේ යෝජනාවක් මඟින් පමණි.‍ෙ

වර්තමාන තත්ත්වය තුළ පවතින අභියෝගය

ව්‍යවස්ථාවේ 41අ (8) වගන්තියට අනුව, ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පැවැත්වීමට අවම වශයෙන් සාමාජිකයන් පස් දෙනෙකු (05) සිටිය යුතුය. කෙසේ වෙතත්, වැදගත් තීරණ ගැනීමේදී (උදා: පොලිස්පති පත් කිරීම) සිවිල් සාමාජිකයන්ගේ සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදී විනිවිදභාවය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

අදින් ධුර කාලය අවසන් වන සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පත් කිරීමේදී, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර එකඟතාවයක් ඇති විය යුතුය. එය නීතිමය කොන්දේසියකි.  මෙම ක්‍රියාවලියේ දී දෙදෙනාටම “ විටෝ “ බලයක් හිමිවේ. එනම් ඉදිරිපත්වන එක් නාමයෝජනාවකට එක් අයෙක් අකමැතිනම් එය ඉදිරියට ගෙන යා නොහැකිය.

පවතින දේශපාලන අඳබාල ස්වරූප සමග මේ තත්ත්වය කොතැනින් කෙළවර වේ දැයි පුරෝකථනය කළ නොහැකිය.   එකඟතාවයට වඩා විරසකය මතු වී සමස්ථ ක්‍රියාවලිය  ප්‍රමාදවීමේ වැඩි සම්භාවිතාවක් තිබේ.  දැනට පෙනෙන පරිදි රජයට අවශ්‍ය වන්නේ තමන්ගේ ප්‍රතිපත්තිවලට බාධා නොකරන, ස්වාධීන යැයි සැලකෙන පුද්ගලයන් පත් කිරීමටය.  විපක්ෂය උත්සාහ කරන්නේ   රජය දැඩි ලෙස ප්‍රශ්න කළ හැකි පුද්ගලයන් සිවිල් සාමාජිකයන් ලෙස පත් කරගැනීමය.  මෙම අන්‍යෝන්‍ය ගැටුම  පොදු එකඟතාවයකට පැමිණීම  බෙහෙවින්ම අසීරු කරනු ඇති බව බැලූ බැල්මට පෙනේ.

එමෙන්ම අගමැති සහ විපක්ෂ නායක එකඟ වුවද, එම නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රජයට, විපක්ෂ නායකවරයා යෝජනා කරන යම් නමකට පාර්ලිමේන්තුවේදී විරෝධය පෑමේ හැකියාව ඇත. මෙය දේශපාලන ගැටුමක්  දක්වා වර්ධනය විය හැකිය.

පත්වීම සදාකාලිකව ප්‍රමාද කළ නොහැකියි

කෙසේ වෙතත්, මෙම පත්වීම් සදාකාලිකව ප්‍රමාද කළ නොහැකි වීමට බලපාන කරුණු ද තිබේ. එකක් නම් ස්වාධීන කොමිෂන් සභා අකර්මන්‍ය වීම  IMF වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහ මානව හිමිකම් සංවිධානවල දෝෂදර්ශනයට ලක්වීමට හේතු වේ.

එමෙන්ම ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් යමෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහොත්, පත්වීම් කඩිනම් කරන ලෙසට නියෝග නිකුත් වීමට ඉඩ ඇත.

අධිකරණයට කළ හැකි බලපෑම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්වීම් ප්‍රමාදය නිසා ඇති වන පාලනමය අර්බුදය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට සුවිශේෂී මැදිහත් වීමක් කළ හැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අධිකරණයට ලබා දී ඇති බලතල අනුව මෙම මැදිහත් වීම ප්‍රධාන ආකාර තුනකින් සිදු විය හැකිය:

  1. මූලික අයිතිවාසිකම් පෙත්සම් (Fundamental Rights – Art. 126)

ඕනෑම පුරවැසියෙකුට හෝ සිවිල් සංවිධානයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත් නොකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකිය.

ව්‍යවස්ථාපිත ආයතන නිසි ලෙස ස්ථාපිත නොකිරීම මඟින් පුරවැසියාට හිමි “නීතියේ පාලනය” (Rule of Law) සහ “නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය” (12(1) වගන්තිය) උල්ලංඝනය වන බව මෙහිදී තර්ක කළ හැකිය.

මෙහිදී කරුණු සලකා බැලීමෙන් පසු, නිශ්චිත කාලසීමාවක් ඇතුළත සිවිල් සාමාජිකයන් නම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට “මැන්ඩාමුස්” (Mandamus) ආකාරයේ නියෝගයක් (කාර්ය ඉටු කිරීමේ නියෝගයක්) නිකුත් කිරීමට අධිකරණයට බලය ඇත.

  1. අර්ථ නිරූපණය ලබා දීම (Interpretation of the Constitution)

ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පවතින නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිය. එනම් අගමැති සහ විපක්ෂ නායක එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිය හැකිය.

ව්‍යවස්ථාවේ පවතින “අඳුරු කලාප” (Grey areas) පැහැදිලි කරමින්, පත්වීම් සිදු කිරීමේ විකල්ප ක්‍රමවේදයක් අධිකරණය විසින් යෝජනා කරනු ලැබිය හැකිය.

  1. මහජන සුබසිද්ධි නඩුකර (Public Interest Litigation)

පොලිස්පතිවරයා හෝ විගණකාධිපතිවරයා වැනි තීරණාත්මක තනතුරු පත් නොකිරීම නිසා රටේ ආරක්ෂාවට හෝ මූල්‍ය විනයට හානි වන බව පෙනී යන්නේ නම්, අධිකරණයට ඒ සම්බන්ධයෙන් අතුරු නියෝග නිකුත් කළ හැකිය.

මීට පෙර අවස්ථාවලදී ද උසස් නිලධාරීන් පත් කිරීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් අධිකරණය රජයට දැඩි ලෙස අවවාද කර ඇති අතර, ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම “අධිකරණයට අපහාස කිරීමක්” ලෙස අර්ථ දැක්වීමට ද ඉඩ ඇත.

කෙසේ වෙතත්, අධිකරණයට මේ මැදිහත්වීම් සිදුකළ හැක්කේ සීමාවන්ට යටත්වය. අධිකරණයට  සෘජුවම පුද්ගලයන් නම් කළ නොහැක. අධිකරණයට කළ හැක්කේ පවතින නීතිමය ක්‍රියාවලිය (අගමැති සහ විපක්ෂ නායක සාකච්ඡාව) කඩිනම් කරන ලෙස බල කිරීමය.  පත්වීම් සිදු නොකිරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කිරීමය. අදාළ නිලධාරීන් තම වගකීම පැහැර හැර ඇති බව නිගමනය  කිරීමය.

මෙහි ඇති අවදානම වන්නේ විපක්ෂ නායකවරයා සහ රජය අතර පවතින දේශපාලන ගැටුම අධිකරණය දක්වා ගියහොත්, එය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් (Constitutional Crisis) දක්වා වර්ධනය වීමේ අවදානමක්  මතුවීමය. එම නිසා බොහෝ විට අධිකරණය උත්සාහ කරන්නේ දේශපාලන අධිකාරියට සිය වගකීම සිහිපත් කර දී එකඟතාවයකට අවස්ථාව ලබා දීමටය.

රට සම්බන්ධව කල්පනා කරනවා නම් ජනවරමකින් පත්වුන රජයකට අඩුම තරමින් ස්වකීය ධූර කාලය හැසිරීම සඳහා වූ සදාචාරාත්මක අවකාශය කුහක දේශපාලන අවස්ථාවදය ඔස්සේ ව්‍යසනයට ලක් කිරීමට වඩා වඩාත් ඉදිරිගාමී ප්‍රවේශයක් ලබා ගැනීම ගැන හිතන විපක්ෂක් රටකට අවශ්‍යයය.  එමෙන්ම ස්වකීය කාඩරයින්ගෙන් පවතින අවකාශ පුරවා ගැනීමේ දේශපාලන බියසුළු භාවෙයන් මිදී  රටක පුරවැසියන් සම්බන්ධව පුළුල් දැක්මක් සහිත ආණ්ඩුවක් ද  රටක ප්‍රාර්ථනාවය.

මේ දෙක සැපිරෙන්නේ නැතිව කිසිම අවස්ථාවක රටක් තුළ උසස් දේශපාලන සංස්කෘතියක් බිහි වන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ යකා නැටූ රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට…

Next Post

ඉන්දියාවෙන් වඩමවන සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන රජය මහා නායක හිමිවරුන්ට දැනුම් දෙයි!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.